ශ්‍රී දළදා වන්දනාවේ දෙවැනි දිනය අදයි

සිරි දළදා දැක්මේ දෙවන දිනය අදයි . ඊයේ ( 18 ) වන විට ලක්ෂයකට වැඩි පිරිසක් ශ්‍රී දළදාව වන්දනාමාන කර ඇති බව මහනුවර පොලිසිය පවසයි . එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිටම , පළමු දිනයටත් වඩා වැඩි බැතිමතුන් පිරිසක් පෝලිම් වලට් එකතු වී සිටින බව වාර්තා වේ.
ශ්‍රී දළදා වන්දනාවට සැලසුම් කර ඇති ප්‍රවේශ මාර්ග තුනම ඊයේ ( 18 ) පස්වරු 6.00 පමණ වන විට බැතිමතුන්ගෙන් පිරී තිබුණු බවත් ,රාත්‍රී 12.00 වනවිට එය ප්‍රමාණාත්මකව වර්ධනය වූ බවත් එම ආරංචි මාර්ග කියා සිටී . එය පළමු දිනයට වඩා දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කියති.
විශේෂත්වය වන්නේ ඊයේ ( 18 ) සහභාගී වූ සියලුම දෙනාට ශ්‍රී දළදා වන්දනාවට අවස්ථාව හිමිව තිබීමය.
54 Views
Comments