කාමරයේ ඇතිවූ හදිසි ගින්න 34 හැවිරිදි තිදරු මවට මරු කැඳවයි - ගින්න හටගත් ආකාරය අභිරහසක්

නාඋල, පිලිහුඩුගොල්ල ගම්මානයේ නිවසක පසුගිය 05 වන දින රාත්‍රීයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් 34 හැවිරිදි තිදරු මවක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය පවසයි.
එදින රාත්‍රි 10ට පමණ නිවසේ පිහිටි කාමරයක බුදු කුටියේ පහන් දැල්වීමෙන් පසුව ගින්නක් හටගෙන තිබේ.
සැණෙකින් ගින්න කාමරය පුරා පැතිර ගොස් ඇති අතර පසුව ගින්න නිවා දැමීමට තැත් කිරීමේදී එම කාන්තාව බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශවාසීන් එක්ව ඇය වහා මාතලේ මුලික රෝහලට ඇතුළත් කර ඇතත් ප්‍රතිකාර ලබන අතරතුර ඇය මිය ගොස් තිබේ.
මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇත්තේ ජේ. සුජිවා සුමනසිරි නමැති 34 හැවිරිදි තිදරු මවකි.
බුදු කුටිය පිහිටි කාමරය තුළ ගින්න හටගත් ආකාරය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
376 Views
Comments