තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි

බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළා.
ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇත.
1178 Views
Comments