සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සොරකම් කළ පරිගණකය තුල කාමුක දර්ශන වීඩියෝ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සොරකම් කළ පරිගණකය තුල කාමුක දර්ශන වීඩියෝ

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සොරකම් කළ පරිගණකය තුල කාමුක දර්ශන වීඩියෝ

හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පාසල්වල පිරිමි ළමුන් තිදෙනකු වෙළදසැල් අටකට කඩාවැදී මිලියන 4කට වැඩි වටිනාකමක් ඇති ජංගම දුරකථන , ලැප්ටොප් සහ වෙනත් භාණ්ඩ සොරකම් කර ඇත.

 

අගුරුවාතොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි මෙම සිසුන් දොඹගොඩ සහ බටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සොරකම් කළ පරිගණකයක් තුළ තිබී ඔවුන් විසින් පටිගත කළ අසභ්‍ය වීඩියෝ ගණනාවක් සොයාගෙන ඇත.මෙම සිසුන් අගුරුවාතොට , හොරණ , ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල වෙළදසැල් කිහිපයකින් සොරකම් කළ ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සොරකම් කළ භාණ්ඩ සහ ඔවුන් භාවිතා කළ යතුරුපැදි 3ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

 

මොවුන් පැය 24ක් රදවා තබා ගැනීමෙන් අනතුරුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇති අතර පසුව ඇප ලබාදී ඇත.

views

981 Views

Comments

arrow-up