ගුවන් යානයක සිටි මගියෙක් එම ගුවන් යානය තුළදීම මිය යයි

හදිසියේ රෝගාතුර වී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු එම ගුවන් යානය තුළදීම මිය ගොස් ඇති බවට වාර්තා වේ.
ඊයේ රාත්‍රී 10 යි 35 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 605 දරන ගුවන් යානය තුළදී යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේය.
මළසිරුර කටුනායක ගුවන් තොටුපළේදී යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී ඇති බව සඳහන් වේ.
244 Views
Comments