නොදරුවන්ට දුන් අධම දඬුවම

වයස අවුරුදු 7 දැරියකට සහ 6ක දරුවෙකුට පියා විසින් අමානුෂික ලෙස ගස්බැඳ පහරදෙන සිද්ධියක් හැටන් කුඩාගම ප්‍රදේශයෙන් වාර්තා විය.
එම දරුවන් දෙදෙනාව නිරුවත් කර ගස්බැඳ ශරීරයේ මිරිස් ගල්වා පියා විසින් මෙම අමානුෂික පහරදීම සිදුකර තිබේ.
එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබුණේ හැටන් කුඩාගම ජනපදයේ සමගි මාවතේ වාසය දරුවන් දෙදෙනෙකි.
දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙක් හා එක් පිරිම දරුවෙක් වෙයි.
වැඩිමහල් දැරියගේ වයස අවුරුදු 11 වන අතර අනෙකුත් දැරියන් දෙදෙනා වයස අවුරුදු 8 හා 7 වන වියේ පසුවෙයි. පිරිමි දරුවගේ වයස අවුරුදු 6කි.
පසුගිය (01) සවස මෙම දරුවන්ගේ පියා විසින් බාල දරුවන් දෙදෙනාට එම පහරදීම සිදුකර තිබුණේ දර මිටියක් රැගෙන සෙල්ලම් කිරීමේ වරදකටය.
දරුවන්ගේ වේදනාත්මක කෑ ගැසීම දරාගත නොහැකි අසල්වාසීන් මැදිහත්වී එම අවස්ථාවෙන් දරුවන් දෙදෙනා මුදාගෙන තිබුණි.
නිතර බිමත්ව සිටින මෙම පුද්ගලයා තමාට හා දරුවන්ට නිතර පහර දෙන බව බිරිඳ පැවසුවාය.
දිනක් මෙම පුද්ගලයාගේ පහර කෑමට ලක්ව තමාගේ අතක් බිඳුණු බවද ඇය සඳහන් කළාය.
ඇතැම් අවස්ථාවලදී නිවසේ දොර වසා යකඩ පොලුවලින් පහරදෙන බවද ඇය සඳහන් කරයි.
2014 Views
Comments