තරුණියකගෙන් දුරකථන අංකය ඉල්ලුවැයි දොස්තරට පන්න පන්න ගහලා - පහරදුන් 8ක් රිමාන්ඩ්

යාපනය, කොඩිගාමම් රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් 08දෙනකු මේ මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස චාවාකච්චේරි මහෙස්ත්‍රත්වරයා පසුගිය 07 වැනිදා නියෝග කළේය.
මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකගේ දුරකථන අංකය වෛද්‍යවරයා ඉල්ලා ඇති බව පවසමින් මෙම පිරිස වෛද්‍යවරයාට රෝහල තුළදී පහර දී ඇත.
එම වෛද්‍යවරයා තරුණියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත්තේ ඇයගේ රෝගය පිළිබඳව ඉදිරි දැනුම්දීමක් සඳහා බවත් ඔහු එලෙස කරන ලද්දේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව බවත් අධිකරණයේ දී සඳහන් වූ අතර මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
වෛද්‍යවරයාට පහර දීමෙන් අනතුරුව කොඩිගාමම් රෝහලේ පාලන අධිකාරිය කොඩිගාමම් පොලිසියට ඒ බව පැමිණිලි කර තිබේ.
පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
712 Views
Comments