ජල භාජනයට වැටුණු පුංචි සිඟිත්තා මරු තුරුලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

ජල භාජනයට වැටුණු පුංචි සිඟිත්තා මරු තුරුලට

ජල භාජනයට වැටුණු පුංචි සිඟිත්තා මරු තුරුලට

ලීටර් 20 ක ජල හාජනයක් තුළට ඇදවැටුණු යාපනය, ඌර්කාවතුරේ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක පිරිමි දරුවකු පෙරේදා (07) මියගොස් තිබේ.

 

මෙසේ මියගොස් ඇත්තේ සබේසන් බේරියන් නමැති ළදරුවෙකි. නිවසට ජලය එක්රැස් කිරීම සඳහා නිවස පිටුපස තබා තිබූ ප්ලාස්ටික් කෑන් එක තුළට මෙම දරුවා ඇද වැටීමෙන් පසුව දියේ ගිලී මියගොස් තිබේ.

 

නිවසේ උදවිය දරුවා සොයා බැලූ අවස්ථාවේදී ඔහු නොමැති බව දැකීමෙන් කලබලයට පත් වී තිබේ.

 

පසුව අසල්වාසීන් පැමිණ දරුවා ප්ලාස්ටික් කෑන් එකෙන් එළියට ගෙන පේදුරුතුඩුව ඌර්වාතුරෙයි රෝහලට ඇතුළත්කොට ඇති අතර පසුව ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යැවීමෙන් පසු මියගොස් තිබේ.

 

යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් මහතා මෙම මරණය ජලයේ ගිලීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය කොට තිබේ.

views

191 Views

Comments

arrow-up