පාර්ලිමේන්තුවට පැමිණි පාසල් සිසුන්ගෙන් වාර්තාවක්

පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) දිනයේ පැමිණි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඊයේ (01) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් 32කට අයත් සිසුන් 5,000කට අධික පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එක්ව සිට තිබුණි.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා තබන ලද පාර්ලිමේන්තු මහජන ගැලරිය පාසල් සිසුන් සඳහා පසුගිය සැප්තැම්බර් මස 19 වන දින විවෘත කළ අතර ඒ අනුව මේ දක්වා කාලය තුළ පාසල් සිසුන් 25,000කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා එක්ව තිබුණි.
287 Views
Comments