ඔබේ දරුවන්ට වස දෙන්න එපා! - සමපෝෂ විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ඔබේ දරුවන්ට වස දෙන්න එපා! - සමපෝෂ විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඔබේ දරුවන්ට වස දෙන්න එපා! - සමපෝෂ විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.

 

ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන ඒවා පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට කරුණැ වාර්තා කර තිබිණි.

views

378 Views

Comments

arrow-up