පාර්ලිමේන්තු පොලිස් නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් භට නිවාසයේදී උස්සලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

පාර්ලිමේන්තු පොලිස් නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් භට නිවාසයේදී උස්සලා

පාර්ලිමේන්තු පොලිස් නිලධාරිනියකගේ ලක්ෂ හතක රන් භට නිවාසයේදී උස්සලා

පාර්ලිමේන්තු පොලීසියේ පොලිස් නිලධාරිනියකගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් මාලයක් සහ රන්මුදු දෙකක් එහි පොලිස් කාන්තා භට නිවාසයේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


මේ සිද්ධිය වී ඇතැයි පැවැසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය.


මෙම නිලධාරිනිය තම රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක ගලවා තිබියදී කිසිවෙකු එය සොරකම් කර තිබෙන බවත් එම නිලධාරිනිය කළ පැමිණිල්ලේ දැක්වෙන බව වැලිකඩ පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

 

සොරකම් කර ඇති රන් මාලය සහ මුදු දෙක මෙතෙක් සොයාගෙන නැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් එම භට නිවාසයේ පොලිස් කාන්තා නිලධාරිනියන් නව දෙනෙකු පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
 

views

244 Views

Comments

arrow-up