අරගලය අස්සේ අරලියගහ මැදුරෙන් බඩු ඉස්සූ තවත් අයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

අරගලය අස්සේ අරලියගහ මැදුරෙන් බඩු ඉස්සූ තවත් අයෙක් මාට්ටු

අරගලය අස්සේ අරලියගහ මැදුරෙන් බඩු ඉස්සූ තවත් අයෙක් මාට්ටු

අරගලකරුවන් මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයෙකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

 

වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම කරනු ලැබූ බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවස තුළ තිබී සොයාගෙන ඇත.

 

සැකකාරු තවත් පිරිසක් සමඟ අරලියගහ මන්දිරය වෙත ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබූ බිත්ති සැරසිලි සොරාගෙන තිබූ බව පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි.

 

තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.

views

216 Views

Comments

arrow-up