සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී සොයා පොලිස් පරික්‍ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී සොයා පොලිස් පරික්‍ෂණ

සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී සොයා පොලිස් පරික්‍ෂණ

සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 

 

අදාල නිලධාරිණියන් දෙදෙනා බාදුරාගොඩ ප්‍රදේශයේ පිරවුම්හලක කිව් ආර් කේත පරීක්ෂා කරමින් සිටියදී එම මන්ත්‍රීවරයා පහරදී ඇතැයි පොලීසිය පැවසීය. 

 

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට අවස්ථා කිහිපයකදී පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ගියද ඔහු එම අවස්ථාවල නිවසේ සිට නැත. 

 

සැකකාර මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක්ව ඇත්තේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි නිලධාරිණියන් දෙදෙනෙකි.  

views

255 Views

Comments

arrow-up