ලංකාවේ Tik tok තහනම් කරන්න - එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ලංකාවේ Tik tok තහනම් කරන්න - එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරයි

ලංකාවේ Tik tok තහනම් කරන්න - එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනය කරයි

11 හැවිරිදි බාල වයස්කාර දැරියක් මත්ද්‍රව්‍ය ලබාදී අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් 4 දෙනෙකු සහ තරුණියන් දෙදෙනකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අපයෝජනයට ලක්වූ මෙම දැරිය  'කිරි සමන්' ලෙසින් හඳුන්වන පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ  tik tok හරහා වන අතර පසුව  වට්ස්ඇප් හරහාද ඔවුන් කතාබහ කර ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුව වරින් වර ඇයව නිවසින් පිටතට ගෙන්වාගෙන මෙලෙස මත්ද්‍රව්‍ය ලබාදී  අපයෝජනය කර ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

 

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් මානව හිමිකම් සංවිධානය පැවසූයේ මේ වන විට tik tok සමාජ මාධ්‍ය දරුවන්ගේ ජීවිත බිලිගන්නා මාරයෙක් බවට පත් වී ඇති හෙයින් වහාම මෙම යෙදවුම අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

views

3013 Views

Comments

arrow-up