චිත්‍රපට සටන් නළු කුමාර රණේපුර ජීවිත සටන නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

චිත්‍රපට සටන් නළු කුමාර රණේපුර ජීවිත සටන නිමා කරයි

චිත්‍රපට සටන් නළු කුමාර රණේපුර ජීවිත සටන නිමා කරයි

චිත්‍රපට සටන් නළුවෙකු මෙන්ම ටෙලි නාට්‍ය නළුවෙකු වූ කුමාර රණේපුර මහතා පෙරේදා(10) අභාවප‍්‍රාප්ත විය.

 

යතුරුපැදි අනතුරකින් පසු එක්තැන්ව සිටි ඒ මහතා රාජගිරිය, කලපළුවාව සිය සොයුරියකගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට 61 හැවිරිදි වියේ පසුවූ කුමාර රණේපුර මහතා එක් දියණියකගේ දයාබර පියාණන්ද විය.

 

“ජොලි හලෝ, ගෝරි, කළු සුදු මල්, ගිනිඅවි සහ ගිනිකෙළි ඇතුළු චිත‍්‍රපටි ගණනාවකටම ඔහු සිය රංගනයෙන් දායක වී තිබේ.

 

 එමෙන්ම ඔහු පබා, සවීණා, කෝපි කඩේ, නෝනාවරුනි මහත්වරුනි ඇතුළු නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය සපයා ඇත. 

 

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(11) සවස කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබුණි.

views

990 Views

Comments

arrow-up