අයවැයෙන් සහන ඉල්ලා 29 වනදා රාජ්‍ය සේවකයින් වැඩවර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

අයවැයෙන් සහන ඉල්ලා 29 වනදා රාජ්‍ය සේවකයින් වැඩවර්ජනයක

අයවැයෙන් සහන ඉල්ලා 29 වනදා රාජ්‍ය සේවකයින් වැඩවර්ජනයක

බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය-වැය තුළින් රාජ්‍ය නිලධාරීන් නොසලකා  හැරීමට විරෝධය පළ කරමින් එළැඹෙන 29 වනදා සිට වැඩවර්ජනයක නිරතවන බව රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කරනවා.

 

එම සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා කියා සිටියේ තම ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමට මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

 

ඒ අනුව එළඹෙන 28 වනදා වන විට තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් 29 වනදා සිට දීප ව්‍යාප්ත වැඩ වරවර්ජනයක නිරත වන බව රාජය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

views

755 Views

Comments

arrow-up