වී වගවේ දළඹු හානිය මේ වන විට පාලනය කර අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

වී වගවේ දළඹු හානිය මේ වන විට පාලනය කර අවසන්

වී වගවේ දළඹු හානිය මේ වන විට පාලනය කර අවසන්

වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට පවසයි.

 

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසින් මේ බව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය පවසයි.

 

තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි. 

 

මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැකි බැවින් කෘෂිකර්ම නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ඔහු ගොවීන් ගෙන් ඉල්ලා සිටී.

views

304 Views

Comments

arrow-up