ළමා ශ්‍රමිකයින් ඉහළ යයි.

ළමුන් වැඩි වශයෙන් ශ්‍රමිකයින් ලෙස යොදාගැනීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසයි.
පාසල් හැර යන තත්ත්වයන් උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම වැනි තත්ත්වයන් ද ඉහළ යාමේ හැකියාව පවතින බව ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරයි.
රටේ පවතින නීතියට අනුව අවුරුදු 16 ත් 18 ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට හෝ සදාචාර වර්ධනයට අනතුරුදායක නොවන සේවයන්හි පමණක් ළමයින් යෙදවිය හැක.
නමුත් එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි යෙදවීම නීතිවිරෝධී ය. පවතින ආර්ථික පීඩනය හමුවේ මුදල් ඉපයීම සඳහා ළමයින් අකමැත්තෙන් හෝ රැකියාවල යෙදවීමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
236 Views
Comments