DEC
30
කටුනායකදී වාලම්පුරියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක හීනටියන ප්‍රදේශයේ දී මිළ අධික වාලම්පුරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා වාලම්පුරිය අලෙවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිට ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් සහ 27ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා කටුනායක පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.
239 Views
Comments