සෙනසුරාදා විදුලිය විසන්ධි කරන ආකාරය නිවේදනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

සෙනසුරාදා විදුලිය විසන්ධි කරන ආකාරය නිවේදනය කෙරේ

සෙනසුරාදා විදුලිය විසන්ධි කරන ආකාරය නිවේදනය කෙරේ

හෙට (12) දිනයේ විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

 

ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාපවලට අයත් ප්‍රදේශවල පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ පැයක කාලයක් ද පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

 

එමෙන් ම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට අයත් ප්‍රදේශවල පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2යි මිනිත්තු 30ක කාලයක් ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසීය.

views

1156 Views

Comments

arrow-up