මහා පරිසර විනාශයක් - දැවිතෙල් ටොන් 20,000ක් පරිසරයට මුදා හැරෙන බව අනාවරණය වේ

මෙරට වරායන්ට වපැමිණෙන නැව් වලින් වසරකට දැවිතෙල් ටොන් 20,000ක් පමණ පරිසරයට මුදා හැරෙන බව අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු හෙළිවූයේ පරිසර අමාත්‍යංශයේ දී ඊයේ පැවති සාකච්ඡාවකදීය.
මෙම දැවිතෙල් අපහරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විවිධ ආයතන 27කට බලපත්‍ර ලබාදී තිබුණද විෂ සහිත මෙම දැවි තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් පවතින්නේ ආයතන 4කට පමණක් වීම පුදුමයට කරුණකි.
එම ආයතන හතරට පිරිපහදු කළ හැකි මුලු ධාරිතාව ටොන් 4800ක් පමණි.
පිරිපහදු පහසුකම් නොමැති අනෙකුත් ආයතන විසින් තමන් ලබාගන්නා දැවි තෙල් රාත්‍රී කාලය හොර රහසේම බවුසර මගින් ගංගා ඇළදොළ වලට මුදා හැරෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.
938 Views
Comments