FEB
27
නාරංගල කන්දෙන් අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් ප්‍රපාතයකින් හමුවෙයි

බදුල්ල නාරංගල කන්දේදී ඊයේ රාත්‍රියේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුධ හමුදාව විසින් අද සොයා ගෙන තිබෙනවා.
මිය ගිය තරුණයාගේ සිරුර නාරංගල කන්දේම ප්‍රපාතයක වැටී තිබියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ.
මිතුරන් පිරිසක් සමඟ නාරංගල කන්ද තරණය කළ මෙම තරුණයා ඔවුන් සමග කඳවුරු බැද කඳු මුදුනේ ඊයේ රාත්‍රිය ගත කරමින් සිට තිබෙනවා. රාත්‍රියේදී එම තරුණයා අතුරුදන් වූ බවයි මිතුරන් පිරිස පවසා තිබුණේ.
694 Views
Comments