භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ට එන්නත්කරණය ඇරඹේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පධාන්වයෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කඩිනමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදීම අද ආරම්භ වුණා.
මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට පළමුව අද දිනයේ දී එන්නත ලබාදීම ආරම්භ කෙරුණා.
දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන්ට එන්නත කඩිනමින් ලබාදීමට කටයුතු කරන බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවැසුවේ.
හෙට දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කය භික්ෂූන් වහන්සේලාට එන්නත ලබාදීමට නියමිතයි.
796 Views
Comments