කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවයට කාදිනල් හිමිත් එක්වෙයි

මීගමුව කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වී තිබෙනවා.
2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් කටුවපිටිය දේවස්ථානයේදී බැතිමතුන් රැසක් මියගියා. ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යනය කර වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විරෝධය පළ කරමින් මොවුන් විරෝධතාවයේ නිරතව සිටියා.
විරෝධතාවට සහයෝගය පළ කරමින් එම අවස්ථාවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක් සිටීම විශේශත්වයක්.
1670 Views
Comments