ලැප්ටොප් එක උකුලේ තියාගත්තොත් පරම්පරාවම අවදානමේ

වෘෂණ කෝෂවල උෂ්ණත්වය ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1 ක් හෝ 2 ක් පහළින් පැවතිය යුතු ය. ඔබ පරිගණකයක් උකුල මත තබාගෙන වැඩ කිරීම, ශුක්‍රාණු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බව පසුගිය දශකය තුළ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
එයට හේතුව වන්නේ, පරිගණකයේ බැටරිය රත්වීම නිසා ශුක්‍රාණු අධික ලෙස රත් වීමයි.
ඔබේ ලැප්ටොප් එක පැය ගණනක් ඔඩොක්කුවේ තබා ගැනීම ශුක්‍රාණු වලට අධික තාපයක් ලබා දීමකි.
ඉහළ උෂ්ණත්වයන් හා සම්බන්ධ වෙනත් පුරුදු ද ප්‍රජනන සෞඛ්‍යයට අවදානමක් ඇති කරයි. උදාහරණයක් ලෙස, දිගු වේලාවක් තිස්සේ උණුසුම් ජලයේ ස්නානය කිරීම හෝ සෝනා (ජල වාෂ්ප ස්නානය) භාවිතය එසේ අහිතකර වේ.
1047 Views
Comments