අද දවස ඔබට කොහොමද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

 


අද ඔබට මිශ්‍ර පල ගෙනෙන දවසක්. විවාහය සම්බන්ධ තීන්දු තීරණ ගනිද්දී ඉතා කල්පනාකාරී වෙන්න. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා වලට බාධක යෙදෙන්න පුළුවන්. ආර්ථික අපහසු තත්වයන් මතු වන්නට පුළුවන්. ඔබට හැකි නම් දවස අරඹන්නට පෙර විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටියක් පුජා කරන්න ඔබේ දවස සුබ වේවි.

 

 


වෘෂභ ලග්නය

 


ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා කල්පනාකාරී වෙන්න. සෙම් රෝග උදරය අශිර්ත රෝග ඇති වෙන්න පුළුවන්. සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. අද දවසේ කටයුතු වලට ද බාධක ඇති වෙන්න පුළුවන්. ඔබට හැකි නම් ගිලන් වූ අයට ඇප උපස්ථාන කරන්න ඔබේ අද දවස සුබ වේවි.

 

 


මිථුන ලග්නය

 


අද දවසේ කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිපල ලබන්නට හැකි වේවි. ගමනේදී බිමනේදී ඉතා කල්පනාකාරී වෙන්න. ඔබට ඔබේ ප්‍රේම සබඳකම් ත්හවුරු කර ගන්නටද හැකි වේවි. ඒ වගේම අලුත් ප්‍රේම සබදකම් ඇති කර ගන්නට සුබ දවසක්. ආර්ථිකය අතින්ද ඔබට අද යහපත් දවසක්. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් සුදු මල් වට්ටියක් පුජා කරන්නට ඔබට අද දස සුබ වේවි.

 

 


කටක ලග්නය

 


ඔබට අද දවසේ රැකි රක්ෂා වල ප්‍රගතියක් දක්නට ලැබේවි. පොත පත සහ බුද්ධිය වෙහෙසවා කරන කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට හැකි වේවි. ගෘහ ජීවිතයෙද සාර්තක දවසක් ලෙසින් හඳුන් වන්න පුළුවන්. දුර බහැර ගමන් යෙදෙන්නටත් පුළුවන්. ඔබට හැකි නම් මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

 

 


සිංහ ලග්නය

 


ඔබට අද තරග විභාග සම්මුඛ පරීක්ෂණ අදින් ජය ගන්නට හැකි වේවි. ඔබගේ වචනය බලවත් වෙන දවසක් ලෙසින්ද හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කිරීමට සුබ දවසක්. ඒ වගේම අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකිවන දවසක්. ව්‍යාපාර කටයුතු වලට ඉතා යහපත් දවසක්. ඔබට හැකිනම් දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ දවස සුබ වේවි.

 

 


කන්‍යා ලග්නය

 


ඔබගේ දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් වැඩිපුර කැපවෙන දවසක්. භුමිය ආශ්‍රිතවත් ව්‍යාපාර කටයුතු වලිනුත් යහපත් ප්‍රතිපල ලබන්නට හැකි වේවි. මුල්‍ය ආයතන වල සහය ඉතා හොඳින් ලැඛෙන දවසක්. ඔබට හැකි නම් දවස අරඹන්නට පෙර විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත් වන්න ඔබට අද දවස සුබ වේවි.

 

 


තුලා ලග්නය

 


ඔබගේ විදෙස් ගමන් පිලිබඳ තිබු බලාපොරොත්තු සාර්ථක කර ගන්නට හැකි වේවි. අධ්‍යාපනික කටයුතු වල නිරත අයට ඉතා යහපත් දවසක්. උදරාශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මිල මුදල් සම්බන්ධ රැවටීම් වලට හසු වෙන්නත් පුළුවන්. ඔබට හැකි නම් නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

 

 


වෘශ්චික ලග්නය

 


ඔබ අද දවසේ ගන්න තීන්දු තීරණ පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඒ වගේම පාද ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. හදිසි අනතුරු ද ඇති වෙන්නට ඉඩ තිඛෙන නිසා පරෙස්සම වන්න. ගෘහ විදුලි උපකරණ භාවිත්දීත් ඉතා ප්‍රවේසම් වන්න. මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී වෙන්න. ඔබට හැකි නම් අද දවස අරඹන්නට පෙර බෝධියකට කිරි පිඬු පුජවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

 

 


ධනු ලග්නය

 


අදායම් පාර්ශවය සුබ වේවි. අලුත් අය දන හඳුනා ගන්නටත් හැකියාව ලැබේවි. නව ව්‍යාපාර අරබන්නටත් සුබ දවසක් වෙනවා. අද දවස ඔබට ඉතා සාර්ථක දවසක් වෙනවා. ඔබට හැකිනම් අද දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

 

 


මකර ලග්නය

 


අද දවසේ ඔබගේ ආර්ථික මට්ටම යහපත් වේවි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඒ දේවල් සාර්ථක කර ගන්නට හැකි වන දවසක් වේවි. දුර බැහැර ගමන් යෙදෙන නිසා තරමක් කාර්යබහුල දවසක් වෙන්නට පුළුවන්. ඔබට හැකි නම් නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

 

 


කුම්භ ලග්නය

 


අද ඔබට තිබුන ආර්ථික අපහසුත මගහැරෙන දවසක්. ඒ වගේම ඔබට ගෘහ ජීවිතයේද තිබුන බාධක මගහැරෙන දවසක්. ඔබට හැකි නම් කද සුරිඳුන් වෙනුවෙන් පුජාවක් පවත්වන්නට ඔබේ අද දවස සුබ වේවි.

 

 


මීන ලග්නය

 


අද දවසේ අනතුරුදායක රැකියාවල නිරත අය නම් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ඔබ බලාපොරොත්තු වන තරමට කරන කටයුතු සාර්ථක කර ගන්නට නොහැකි වන නිසා ඔබට චිත්ත පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම හදිසි තීරණ ගැනීමෙන් වලකින්න. සතුරු කරදර ඇති වන්නටත් නව සතුරන් ඇති වන්නටත් ඉඩ තිඛෙන නිසා ප්‍රවේසම් වන්න. අද දවස අරඹන්නට පෙර ඔබට හැකි නම් නිල් මල් වට්ටියක් පුජා කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

views

489 Views

Comments

arrow-up