මව්කිරි දීමෙන් අම්මලාට ගැබ්/පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

මව්කිරි දීමෙන් අම්මලාට ගැබ්/පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වේ.

මව්කිරි දීමෙන් අම්මලාට ගැබ්/පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වේ.

මෙලොව එළිය දුටු දරු පැටියාට ජීවය දෙන්න සොබා දහමින් නිර්මාණය කළ අපුර්ව දායාදය මව්කිරි. බිළිඳු කුස පුරවමින් මුලික පෝෂණ අවශ්‍යතා සපුරන මව්කිරි දරුවාගේ වර්ධනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක රැසකින් සමන්විතයි.


ඒ වගේම මව හා දරුවා අතර බැඳිම වඩාත් ශක්තිමත් කරයි. ප්‍රතිදේහ / සෛල වර්ග විෂබීජ නාශ සෛල වර්ග ගොඩක් තියනවා. බඩවැල් වල තියන හොඳ බැක්ටීරියා අඩංගුයි. නැත්නම් පසුකාලීන පිළිකා වැනි ගොඩාක් ගැටලු එන්න පුළුවන්.


බඩවැල් වල හොඳ බැක්ටිරියා කාරක සෑදීමේ ගුණය මව්කිරි වල අඩංගුයි. මව්කිරි ගත්තාම පණ තියන තරලයක්. පණ තියන සෛල තියනවා. ඒක පිටිකිරි වල කවදාවත් ගන්න බැහැ.


ළමයාගේ මොළය, ඇස් වර්ධනයට අවශ්‍ය සංඝටක තියෙනවා. ඒවා කෘතිමව හදන්න අමාරුයි. ඒක ගොඩක් උත්සහ කරනවා ව්‍යාපාර සංස්ථා මව්කිරි වගේම හදන්න. ඒ ගොල්ලෝ පෙන්නලත් තියනවා මව් කිරි බොන ළමයි බුද්ධි ඵලය ( IQ ) පිටිකිරි බොන ළමයින්ට වඩා ඒක ගොඩක් වැදගත්. ඒවා තමයි ප්‍රධානම.


අනෙක් එක තමා මව්කිරි දෙන අම්මා කෙනෙකුට ආර්ථික ශක්තියක් වැය වෙන්නේ නැහැ. පිටිකිරි ගන්න ගියොත් එහෙම ලොකු වියදමක් යනවා මාසෙකට.


ප්‍රධානම දේ තමයි මව්කිරි දෙන බබා හා අම්මා අතර සහ සම්බන්ධය. පිටිකිරි බොන බබාලට එහෙම එන්නේ නැහැ. මානසික වර්ධනයෙහි ලොකු වෙනසක් තියන බව පෙන්වලා තියනවා. මව්කිරි දෙන බබාලගේ.


ඒ වගේම අම්මලාගේ එන ගැබ්/ පියයුරු පිළිකා වැනි ගොඩක් ලෙඩ රෝග අඩුයි කියලා සොයාගෙන තියනවා මව්කිරි ලබාදීම හරහා.


(රිජ්වේ ආර්යා ළමා රෝහලෙහහි සේවයේ නියුතු ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා)

views

352 Views

Comments

arrow-up