සිහින් හැඩැති සිරුරක් ඕනනම් මේ ආහාර ලබාගන්න

ලස්සන සිහින් සිරුරක් ලබාගැනීමට බොහෝ කාන්තාවන් කැමැත්තෙන් පසු වේ. ඒ සඳහා ආහාරයට ගත හැකි ආහාර වර්ග බොහොමයක් ඇත.
පිපිඤ්ඤා සහ ධාන්‍ය වර්ග වැනි කෙඳි සහිත ආහාර, ආහාරවේලට එක්කර ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රිය කර පිරිසුදුව තබා ගත හැක. එමඟින් නෙරා ආ උදරය අඩු කර ගත හැක.
කෙසෙල් සහ අර්තාපල් වැනි පොටෑසියම් අඩංගු ආහාර නිතර ආහාරයට ගැනීමෙන් ස්වාභාවිකවම උදරයේ බර අඩු වේ.
නිතර ජලය පානය කිරීම මඟින් ශරීරයේ ඇති සියලුම විස වර්ග පිටකිරීම සිදුවේ. එමෙන්ම සිහින් මෙන්ම නිරෝගී සිරුරක් ලබා ගත හැකිය.
කැලරි අවහිර කරමින් මේදය අවශෝෂණය කිරීමේ විස්මිත හැකියාවක් ප්‍රෝටීන් සහ තන්තු බහුල ආහාරයක් වන ආමන්ඩ් සතුය. තන්තු බහුල මෙම පලතුර ඔබේ ඉණ ප්‍රදේශය සහ උදරය සිහින්ව තබා ගැනීමටත් මේදය අඩු කර ගැනීමටත් උපකාරී වේ.
කොළ පැහැති පලා වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර පාලනය කර ගැනීමට හැකිය. එමෙන්ම බර අඩු කර ගැනීමට ග්‍රීන් ටී විශිෂ්ට විකල්පයකි.
509 Views
Comments