රෝග රැසකට ඔසුවක් වූ ගොරකා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

රෝග රැසකට ඔසුවක් වූ ගොරකා

රෝග රැසකට ඔසුවක් වූ ගොරකා

කුළුබඩුවක් ලෙස භාවිතා ගොරකා, සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්ත්වයට පත්කිරීම වගේම තවත් රෝග රැසකට ඉහළම ගුණයක් දෙන ඔසුවක් බව මෑතකදී සොයා ගන්නා ලදී.



ගොරකා ප්‍රභේද හතරක් තිබේ. ඒ රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙනි. මේ අතරින් කුළුබඩුවක් ලෙස ගන්නේ එළ ගොරකා සහ රත් ගොරකාය. මල ගොරකා ආහාරයට ගන්නේ නැත. රට ගොරකා පලතුරක් ලෙස භාවිත කරයි.



ගොරකා ගස් මීටර 15 ක් දක්වා උසට වැඩේ. අතීතයේ තෙත් කලාපයේ බොහෝ ගෙවතු ඉඩම්වල වනවදුලුවල ගොරකා ගහක් දෙකක් දකින්න ලැබුණි. ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව ගොරකා ගස ලෝකයේ වඳ වී යන ශාක ගොන්නට අයත් වේ.



විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ගොරකා ශරීරරයේ බර අඩු කිරීමට, විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැක ගැනීමට උපකාරී කරන ඖෂධයකි. ආයුර්වේදයේ දී ගොරකා හඳුන්වන්නේ “වෘක්‍ෂාම්ල” ලෙස යි.



ඇඹුල් රසයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස “වෘක්‍ෂාම්ල” හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වේ. ස්ථූලතාව නිසා ගැටලු හට ගත් අයට වගේ ම ගැස්ට්‍රයිටීස් ඇතිවීමෙන් වැලැක්වීමටත් ගොරකා කදිම ඔසුවකි.



දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවක් ලබා දීමට ගොරකාවලට හැකියාවක් ඇති බව පර්යේෂණවලින් හෙළි විය. ඒ අනුව ඉන්සියුලින් පිට කිරීම වර්ධනයට ද ගොරකාවලට හැකියාවක් තිබේ. ආහාර දිරවීමේ රෝග මෙන් ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද ගොරකා භාවිත කරයි.



ගොරකා ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් ලෙසත් සැලකේ. ඒ අනුව පිළිකා නාශක ගුණයෙන් යුක්ත යි. විශේෂයෙන් ම ආහාර මාර්ගය ආශ්‍රිත ව පිළිකා ඇතිවීම වැලැක්වීමට ද එය සමත් වේ. අර්ශස් හා පණු රෝග සඳහා ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.



විදුරුමස් දියවීම, බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ භාවිත කරන අතර, කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගනී. ගොරකා ගසේ පොත්තෙන් ගන්නා කිරි, මැලියම් ද ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගනු ලැබේ. එය විෂබීජ නාශකයක් හැටියට ද සැලකේ.
 

views

486 Views

Comments

arrow-up