මකර ලග්න හිමියනි අද ඔබට පොත පත ආශ්‍රිතව කරන කියන කටයුතු වලට සාර්ථක දවසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

මකර ලග්න හිමියනි අද ඔබට පොත පත ආශ්‍රිතව කරන කියන කටයුතු වලට සාර්ථක දවසක්

මකර ලග්න හිමියනි අද ඔබට පොත පත ආශ්‍රිතව කරන කියන කටයුතු වලට සාර්ථක දවසක්

මේෂ ලග්නය

 


අද දවසේ ඔබ කරන කටයුතු බොහොමයක් සාර්ථක කර ගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම වෙලහෙලදාම් සහ අලෙවිකරණ කටයුතුවල නිරත වී සිටින ඔබට වඩාත් සාර්ථක දවසක් වෙනවා. බොහෝදෙනෙකුගේ උදව් උපකාර ලැබෙන දවසක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. අද දවස අරඹන්නට ප්‍රථමයෙන් දසදිසා පිරිට වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට හැකිනම් අද දවස වඩාත් සාර්ථක දවසක් කර ගන්නට ඔබට හැකියාව පවතිනවා.

 

 


වෘෂභ ලග්නය

 


අද දවසේ ඔබ කරන බොහෝ කටයුතු බුද්ධිමත්ව කරන්නට වගබලා ගන්නවානම් වඩාත් හොඳයි. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කරන සාධක ගොඩනැගෙන්නට කටයුතු යෙදෙන දවසක්. රැකී රක්ෂා බලපොරෝතුවෙන් සිටි අයට ඒ කටයුතු සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා. ගෘහ ජීවිතයේ තිබුන ගැටලූකාරී තත්වයන් මගහරවා ගන්නට ද අද දවසේ ඔබට පුළුවන් කම තිබෙනවා. හැකියාවක් තිබෙනවා නම් ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට අද දවස වඩාත් සාර්ථක කර ගන්නට පුළුවන්.

 

 


මිථුන ලග්නය

 


ඔබ අද දවසේ කරන වැඩ කටයුතු වලට යම් යම් බාධා ඇති වන්නට ඉඩ තිබෙනවා. සතුරු කුමන්ත්රණ වලට හසුවන්නට ද ඉඩකඩ තිබෙන බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. පසමිතුරන්ගේන් ප්‍රවේසම් විය යුතු දවසක්. ඒ වගේම වචනය ප්‍රවේසම් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම ඔබ කරන කටයුතු පිළිබද වෙනදාට වැඩ සැලකිලිමත් වෙන්න. පාද ආශ්‍රිතව යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් දවස ආරම්භයට පෙර විෂ්ණු දෙවියන්ට පුජාවක් පවත්වන්න. ඔබට අද දවස සාර්ථක කර ගන්නට හැකියාව පවතිනවා.

 

 


කටක ලග්නය

 


අද දවසේ ඔබ කරන කරන කාර්යයන් සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා. මේ නිසා ඔබ සාර්ථක පුද්ගලයෙන් වන්නට අවශ්‍ය සාධක ගොඩ නැගෙන්නට හේතුවෙනවා. ස්ථාන මාරුවක් හෝ රැකියාව පිලිබඳ ගැටලූකාරී තත්වයක් පවතියනම් ඒවා මග හරවා ගන්නට හැකියාව ලැබෙනවා. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඒ සදහා දොරගුළු විවර වන දවසක් වනවා. හැකියාවක් තිබෙනවන්ම් අද දවස ආරම්භයට ප්‍රථම සමන් දෙවියන්ට පුජෝපහරයක් පවත්වන්න ඔබට අද දවස වඩාත් සාර්ථක කර ගන්නට පුළුවන්.

 

 


සිංහ ලග්නය

 


ඔබේ අද දවස වඩාත් ශක්තිමත් දවසක් බවට පත් වෙනවා. රැකි රක්ෂා වල දියුණුව වර්ධනය වන දවසක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අලූත් ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරන්නට බලාපොරොත්තු වෙන අයට සුබ දවසක්. මුල්‍ය ආයතන වල සහයෝගය ඉතා හොඳින් ලැබෙන දවසක්. තරග විභාග වලට සහභාගී වන අයට නම් ඉතාමත් සුබ දවසක්. හැකියාවක් තිබෙනවා නම් අද දවස අරඹන්නට ප්‍රථම පක්ෂීන්ට ආහාර ස්වල්පයක් දෙන්න අද දවස වඩාත් සාර්ථක කර කර ගන්නට ඔබට පුළුවන් කම තිබෙනවා.

 

 


කන්‍යා ලග්නය

 


ඔබගේ දියුණුව උදෙසා කටයුතු සැලසෙන දවසක්. අන් අයගේ උදව් උපකාර නොඅඩුව ලැබෙන දවස්ක්. ඒ වගේම තරග විභාග සම්මුඛ පරීක්ෂණ ගැනීමේ භාග්‍ය උදාවන දවසක්. දවස පටන් ගන්නට පෙර හැකියාවක් තිබෙනවා නම් බෝධි පුජාවකට සහභාගී වන්නට අද දවස ඔබට වඩාත් සුබ දවසක් බවට පත් කර ගන්නට පුළුවන්.

 

 


තුලා ලග්නය

 


අද දවසේ කටයුත්තක් අරඹන්නට සිතා සිටියා නම් එය දිනකට දෙකකට කල් තැබීම වඩාත් සුදුසු වෙනවා. වෙනදාට වැඩ කල්පනාකාරීව කටයුතු කලයුතු දවසක් වෙනවා. දියුණුවට සාර්ථකත්වයට බාධා ඇති විය හැකි දවසක්. දවස අරඹන්නට පෙර හැකියාවක් පවතිනවා නම් ගිලන් වූ භික්ෂුවකට ඇප උපස්ථාන කරන්නට ඔබට දවස වඩාත් සාර්ථක කර ගන්නට පුළුවන් කම තිබෙනවා.

 

 


වෘශ්චික ලග්නය

 


ඉවසීම ප්‍රගුණ කලයුතු දවසක් බවට තමයි ඔබේ අද දවස පත්වෙලා තිබෙන්නේ. ආර්ථිකමය වැසි වැඩි වන දවසක්. මුල්‍ය ආයතන වලින් හොඳ සහයෝගයක් ලැබෙන දවසක්. ලෙසින් හඳුන්වන්න පුළුවන්. සිතේ ශක්තිය වර්ධනය වන දවසක් බවටත් අද දවස පත් වෙනවා. රැකි රක්ෂා වල විශේෂ දියුණුවක් සහ ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වුන අයට ඒවා සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා. දවස අරඹන්නට පෙර හැකියාවක් තිබෙනවා නම් දසදිසා පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට අද දවස සාර්ථක කර ගන්නට හැකියාව තිබෙනවා.

 

 


ධනු ලග්නය

 


අද දවසේ තරමක් දුරට මානසික ඒකාග්‍රතාවය බිඳ වැටෙන්නට ඉඩ තිබෙන දවසක්. ඒ වගේම සිතේ කලකිරීම වර්ධනය වන්නටත් ඉඩ තිබෙනවා. තමන්ගේ හොඳම මිත්‍රයෙක් තමන්ගෙන් දුරස් වීමටත් අද දවසේ ඉඩකඩ තිබෙනවා. ගෘහජීවිතයෙත් යම් යම් අවහිරතා මතුවෙන්නට ඉඩතිබෙනවා. අද දවස අරඹන්නට මත්තෙන් හැකියාවක් පවතිනවානම් විෂ්ණු දෙවියන්ට පුජෝපහාරයක් පවත්වන්නට ඔබට අද දවස සාර්ථක කර ගන්නට පුළුවන්.

 

 


මකර ලග්නය

 


පොත පත ආශ්‍රිතව කරන කියන කටයුතු වලට සාර්ථක දවසක්. දේපල ආශ්‍රිතව පැවතිය ගැටළු නිරාකරනය කර ගන්නටත් අද දවසේ හැකියාව තිබෙනවා. අලූත් ව්‍යාපාර ස්වයං රැකියා දියත් සාර්ථකව අරඹන්නට හැකිවන දවසක් වනවා. ඔබට හැකි නම් අද දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායන කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට අද දවස වඩාත් සුබ කර ගන්නට පුළුවන්.

 

 


කුම්භ ලග්නය

 


ඔබට අද දවසේදී විදෙස් ගමන් පිළිබද බලාපොරොත්තුවක් තිබුන නම් ඒවා සාර්ථක කර ගන්නට හැකි වේවි. අලූත් ව්‍යාපාර ස්වයං රැකියා දියත් සාර්ථකව අරඹන්නට හැකිවන දවසක් වනවා. වෙනදාට වඩා සිතේ සතුට සැනසිල්ල උදාවන දවසක්. ඔබට හැකි නම් අද දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායන කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට අද දවස වඩාත් සුබ කර ගන්නට පුළුවන්.

 

 


මීන ලග්නය

 


අද දවස ඔබගේ නාමය බැබලෙන දවසක් බවට පත්වේවි. අන් අයගේ උදව් උපකාරත් හොඳින් ලැබෙන දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට වඩාත් සුදුසු දවසක්. දුර බැහැර ගමන් බිමන් සහ අවිවේකීව ගෙවෙන දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන්. මේ නිසා කාල කළමනාකරණය ඉතාමත් වැදගත්. අද දවස අරඹන්නට පෙර මෝරා පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට හැකි නම් ඔබට අද දවස වඩාත් සාර්ථක කරගන්නට පුළුවන්.

views

464 Views

Comments

arrow-up