ජීවිත අනතුරේ හෙළන අනතුරු ගැන දැනගන්න

ශ්‍රී ලංකාවේ සෑම පැය 03 කට වරක් හතර දෙනෙකු අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමුගනී. මෙලෙස වාර්ෂිකව අප රට තුළ 10,000 – 12,000 ක් පමණ අනතුරු හේතුවෙන් ජීවිත අහිමි වේ.
දිනකට 32 – 35 පමණ අනතුරු හේතුවෙන් මිය යයි. සෑම මිනිත්තුවකටම වරක් මෙරට පස්දෙනෙකු හෝ අටදෙනෙකු ප්‍රතිකාර ලබාගත යුතු තරමේ අනතුරකට ලක්වේ.
ශ්‍රී ලංකාවේ රෝහල් වලට නේවාසිකව ප්‍රතිකාර සඳහා ඇතුලත් වීමේ ප්‍රධාන හේතුව වන්නේද අනතුරුයි. ආබාධිත වීමටද ප්‍රධාන හේතුව එයයි.
සෑම වසරකම පුද්ගලයින් මිලියන 3 – 4 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සිදුකරගන්නා බවට ඇස්තමේන්තු කර ඇත. එනම් සෑම වසරකම මුළු ජනගහණයෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අනතුරකට ලක්විය හැකියි.
25% ක් පමණ අනතුරු මාර්ග ආශ්‍රිතවත්, 4 – 5% ක් වැඩබිම් ආශ්‍රිතවත් 2 – 3% ක් පාසල් ආශ්‍රිතවත් සිදුවේ.
අනතුරු නිසා සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුව රිය අනතුරුයි. එය සමස්ථ අනතුරු නිසා සිදුවන මරණ වලින් 29% ක් පමණ වේ.
හුස්ම හිරවීම හේතුවෙන් සිදුවන මරණ 20% ක්, විවිධ හේතූන් නිසා වන වැටීම් වලින් සිදුවන මරණ 12% ක්, දියේ ගිලීම් වලින් සිදුවන මරණ 10% ක්, විෂවීම් වලින් සිදුවන මරණ 7% ක්, පිළිස්සීම් වලින් සිදුවන මරණ 3% ක්, විවිධ වස්තූන් ශරීරය හා ගැටීමෙන් සිදුවන මරණ 2% ක් ආදී ලෙස වාර්තා වේ.
554 Views
Comments