ගෑස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහාගන්නා බඩේ දැවිල්ල

‘බඩේ දැවිල්ල’ කටවහරේදී ‘ගැස්ට්‍රික්’ ලෙස හැඳින්වූවත් මෙහිදී බහුල ව ඇතිවෙන්නේ ඩිස්පෙප්සියා ලෙස හැඳින්වෙන ආහාර අජීර්ණ තත්ත්වය යි. ආහාර නොගැනීම බඩේ දැවිල්ලට හේතුවෙනවා වගේම, ඩිස්පෙප්සියාවලට හේතුවන්නේ, අධික ලෙස හෝ ජීර්ණයට වේලාව ගත වන ආහාර ගැනීම යි.
කහට තේ පානය, තෙල් මිරිස් සහිත ආහාර මෙයට බලපානවා වගේ ම, අමතර ආහාර වේල් ගැනීමත් බලපායි. එහි දී ආමාශයේ රැඳෙන ආහාර ජීර්ණය කිරීමට නිරන්තරයෙන් ජීරක අම්ල ස්රාවය වීමත්, එම අම්ල ගලනාලයට ගමන් කරමින් ඔක්කාරය, පපුවේ දැවිල්ල ඇති කිරීමත් සිදු වේ. ආහාර ගන්නට පටන් ගෙන ටික වේලාවකින් ම ආහාර රුචියත් නැති වේ.
ගැස්ට්‍රයිටිස්වලදී සිදුවන්නේ ආමාශයේ ආහාර නැතිවීමෙන් ආමාශ ශ්ලේෂ්මලය ජීර්ණය වී, ජීරක අම්ල ආමාශ බිත්තියේ ස්පර්ශ වීම යි. එවිට ආමාශ බිත්තියට හානි වී තුවාල සිදු වේ. ගැස්ට්රයිටිස්වල රෝග ලක්ෂණ ද ඩිස්පෙප්සියාවල රෝග ලක්ෂණවලට බොහෝ සමාන නිසා මේ දෙක වරදවා වටහා ගැනීම සිදු විය හැකි යි.
කෙසේවෙතත් ආහාර වේල් අතර සමාන කාල පරතරයක් තබා ගැනීම වැදගත් ය. දිගු කාලයක් බඩගින්නේ සිටීම, ආහාර ගනිද්දි විශාල ප්‍රමාණවලින් ආහාර ගැනීම වැනි පුරුදු නිසා ජීර්ණ පද්ධතිය පීඩාවට පත් වේ. බඩ පුරවා දැමීම සිදු වෙනවා නම් එක් වරකට කුඩා ආහාර ප්‍රමාණයක් බැගින් වේල් කිහිපයක් ලබාගත යුතුය.
සාමාන්‍යයෙන් මිරිස් අධික ව යෙදූ ආහාර, අධික ව තෙල් යෙදූ ආහාර, ඇඹුල් බව වැඩි ආහාර, පාන් හා බේකරි නිෂ්පාදන නිසා බඩේ දැවිල්ල වැඩි විය හැකි යි. යෝගට්වලින් ඇතැමුන්ට බඩේ දැවිල්ල අඩු වන අතර තවත් අයට වැඩි වෙයි. කාබනීකෘත බීම වර්ග, බියර් නිසාත් දැවිල්ල වැඩි වීමේ සම්භාවිතාවක් පවතී.
දිවා කාලයේදී නිතර ජලය පානය සහ බඩේ දැවිල්ල අඩු කරවන නිෂ්පාදන භාවිතයත් මෙයට හොඳ විසඳුමකි. ස්වාභාවික කළුදුරු, වැල් මී, සහ අළු කෙසෙල් සුසංයෝගයෙන් නිෂ්පාදනය කර ඇති Baraka Gastricare වලට උදරාබාධ සහ ප්‍රදාහ තත්ත්ව ඉක්මනින් ම සුව කළ හැකියි.
639 Views
Comments