වැස්සත් එක්ක එන අනතුරු ගැන දැනුවත් වෙන්න. ප්‍රවේසම් වන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

වැස්සත් එක්ක එන අනතුරු ගැන දැනුවත් වෙන්න. ප්‍රවේසම් වන්න.

වැස්සත් එක්ක එන අනතුරු ගැන දැනුවත් වෙන්න. ප්‍රවේසම් වන්න.

එකදිගට දින ගණන් පුරා ඇද හැළෙන ධාරානිපාත වැසි හේතුවෙන් නාය යාම්, ගස් කොළන් කඩා වැටීම්, ගං වතුර වැනි ආපදා තත්ත්ව ඇති වේ. එමෙන්ම වැසි කාලෙට මාර්ග ලිස්සන සුළුය.



අක්‍රමවත් කානු පද්ධතිවල වතුර බැස නොයාම නිසා මහා මාර්ග ගණනාවක්ම ජලයෙන් යට වීම සුලබ දසුනකි. අපිරිසුදු ජලයේ බැස ගමන් කරන සියලුම දෙනා ස්වකීය සනීපාරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.



වැසි දවස්වල පාරේ ලිස්සන සුළු ස්වාභාවය නිසා පදිකයන් මෙන්ම වාහන අනතුරුවලට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනිසා පදිකයන් මෙන්ම රියැදුරන්, මගීන් සියලුම දෙනා ඉතා සුපරික්ෂාකාරී විය යුතුම වකවානුවකි.



ඔබ බස් රථයක, දුම්රියේ හෝ ගමන් ගනී නම් ඊට ඇතුළු වන දොරටුවේ ඇති පඩිපෙල් පවා වැස්සට තෙමී ඇති නිසා ඔබ ලිස්සා ඇද වැටීමට පුළුවන. පොදු ප්‍රවාහනයකට ඇතුළු වෙද්දී අල්ලා ගැනීමට ඇති ආධාරක ලිස්සා යාමට හැකි නිසා ඔබ ඒ ගැනද සුපරික්ෂාකාරී වන්න.



හිසේ සිට දෙපතුළ දක්වා දිග වැහි කබා භාවිත කරන්නේ නම් ඔබගේ ගමන වඩා ආරක්ෂිත මෙන්ම සුවපහසු වනු ඇත. ඒත් ආරක්ෂිත ක්‍රමවේද කෙතරම් තිබුණද බහුතරයක්ම හුරුවී ඇත්තේ කුඩයක්වත් ඉහළන්නේ නැතිව තෙමි තෙමී යාමටයි.



තද වැස්ස, සුළඟ නිසා මාර්ගය දෙපස ගස් කොළන්, විදුලි රැහැන් මාර්ගයට කඩා වැටීම් සිදු විය හැකිය. මේ අනතුරු ගැන සියලුම දෙනා අවධානයෙන් පසු විය යුතුය. අධික වැස්ස වෙලාවකදි වාහන වුව මාර්ගයේ නවතා යද්දී එය ආරක්ෂිත ස්ථානයක් වීම යෝග්‍යය.

views

406 Views

Comments

arrow-up