තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්නයකට ජ්‍යොතිෂයෙන් උත්තර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්නයකට ජ්‍යොතිෂයෙන් උත්තර

තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්නයකට ජ්‍යොතිෂයෙන් උත්තර

තම පෙම්වතා හෝ පෙම්වතිය කෙසේ හමුවේ දැයි තරුණ තරුණියන් නිතර අසන ප්‍රශ්නයකි. ජ්‍යොතිෂඥයන් ඉගෙන ගත් පමණින් මේ ප්‍රශ්නයට උත්තර දීමට ඉක්මන් නොවී දහස් ගණනක් ස්ත්‍රී පුරුෂයන්ගේ කේන්දර සමග ඒ අය විවාහ වූ දිනයත් සහකරු හෝ සහකාරිය මුණගැසුනු ආකාරයත් පරීක්‍ෂා කර බැලීමි. 

 

 

මෙසේ පරීක්‍ෂණ තුළින් හෙළිවූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය. මේෂ ලග්න හිමියන්ට හත්වැන්නාධිපතියා වනුයේ සිකුරු ග්‍රහයාය. කුජ, ශනි යෝගය ඇත්නම් එය විවාහය පමාවීමට එක් හේතුවකි. 

 

 

කුජගෙන් හතේ සනී සිටීම ද තවත් හේතුවකි. මෙසේ පරීක්‍ෂණ තුළින් හෙළිවූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ තබනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය. 

 

 

ඇතැම් අයට උත්සව අවස්ථාවාකදී අනාගත තම සහකරු හෝ සහකාරිය හමුවනු ඇත. තවත් අයට මරණය වැනි සෝක අවස්ථාවකදී ද, තවත් අයට ආගමික අවස්ථාවකදී ද, තවත් අයට පාසල් අවධියේ සිට ඇතිකර ගත් දැනහැඳුනුම් මත ද රැකියාව සම්බන්ධයෙන් ද තම සහකරු හෝ සහකාරිය මුණ ගැසෙනු ඇත. යෝජනා තුළින් සිදුවන විවාහයන් ප්‍රමාණයෙන් වැඩිය. 

 

 

අවුරුදු 16 වැනි බාල වියේදීම ඇතැම් අය යුගදිවියට පා තබන අතර වයස අවුරුදු 40 ගණන් ගෙවී ගිය ද ඇතැම් අයට විවාහයක් සිදුකර ගැනීම ඉතා අපහසුය.

 

 

එක් ප්‍රාදේශීය රජයේ නිලධාරියෙක් තම සහකාරිය සොයාගත් හැටි උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එම නිලධාරියාට වෙනත් සහෝදර සහෝදරියන් නොසිටිය අතර පියා මියගියේ ඔහු බාල කාලයේදීමය. 

 

 

මව සෑම උත්සාහයක්ම ගෙන ඔහුට උගන්වා උසස් නිලධාරියෙක් බවට පත්කළ සැටිත් ගමේ පන්සලේ නායක හාමුදුරුවන් අවවාද අනුශාසනා කළ සැටිත් ඔහුට මතකය. 

 

 

විවාහවීමේදී තම තත්ත්වයට ගැලපෙන සහකාරියක් සෙවීමට ඔහුගේ මව විසින් මඟුල් කපුවන් යොදවා ඇති බව ඔහු දනී. මේ අතර තම කාර්යාලයට පැමිණි එක්තරා පාසල් ගුරුවරියකගේ ප්‍රශ්නය වූයේ තමාගේ නැති වූ ලේඛන සොයා ගැනීමය. 

 

 

සාමාන්‍ය නිලධාරියෙක් ඇගේ ප්‍රශ්නය මගහැරීම නිසා ඇය මෙම උසස් නිලධාරියාටම තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළාය. සාමාන්‍ය නිලධාරියෙකුට වහා එය ඉටුකරන මෙන් අණකරන ඔහු ඇය සමග ඉතා සුහදව කතා කළේය. 

 

 

මෙයින් මාස කීපයකට පසු අතරමගදී මෙම නිලධාරියාගේ මෝටර් රථය ක්‍රියාවිරහිත විය. ඔහු රථයෙන් බැස කාර්මික දෝෂය පරීක්‍ෂා කරද්දී පාසල නිමවී ගෙදර යමින් සිටි පෙර කී ගුරුවරිය සමග කතාබස් කළේය. 

 

 

ඔහුගේ සිතේ ඒ වනවිටත් නලියමින් තිබූ මුල් දින මුණ ගැසීම අලුත් විය. මාස කීපයක් ඔවුනොවුන් නිතර නිතර හමුවීම ආදරයක් වී පසුව විවාහ ගිවිස ගත්හ. මේ අයගේ කේන්දර පරීක්‍ෂා කිරීමෙන් පසු පෙනී ගියේ රාජකාරි අවස්ථාවකදී සහකාරියක් ලැබීමට ඇති බවය. 

 

 

තමා උපන් ලග්නය කුමක් වුවත් උපන් ලග්නයෙන් හත්වැන්න විවාහය සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති කරයි. හත්වැන්නේ සිටින ග්‍රහයන් හා හත්වැන්න අධිපතියා, හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් හා හත්වැන්නාධිපතියාට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ද සලකා සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන ආකාරය ද විවාහ වන කාලය ද තේරුම් ගත හැකිය. 

 

 

විවාහ වන කාලය තේරුම් ගැනීම සඳහා හත්වැන්නාධිපතියාගේ, හත්වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ හත්වැන්නට බලවත් දෘෂ්ටි වැටෙන ග්‍රහයාගේ මහ දසා, අතුරු දසා සූක්‍ෂමව දසා කාලයත් බැලිය යුතුය. 

 

 

එසේම ග්‍රහ ගෝචර තත්ත්වය ද සැලකිල්ලට ගත යුතුයි. ඔහුගේ හෝ ඇයගේ හෝ විවාහය ගැන බැලීමේදී සම්පූර්ණයෙන්ම සිකුරුගේ බලපෑම ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත් නැත. 

 

 

සිකුරු කේන්දරයේ උසුලන බලය මෙන්ම හත්වැන්නේ වෙනත් ග්‍රහයන් සිටී නම් ඒ ග්‍රහයන් ගැන ද හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ගැන ද සලකා බලා තීරණය කළ යුතුය. සෑම මේෂ ලග්න හිමියකුටම ඒකාකාරී නොවූ විවිධ ආකාරයෙන් විවාහයන් සිදුවනුයේ එම නිසාය. 

 

 

සිකුරු පමණක් බලපාන්නේ නම් සෑම මේෂ ලග්න හිමියෙකුගේම විවාහය ගැන සමානව කතා කළ හැකි විය යුතුයි.

 

 

බොහෝ තරුණ තරුණියන් විමසනුයේ තමාගේ විවාහය කවදා කෙසේ සිදුවේද? ඔහුගේ හෝ ඇයගේ විස්තර කෙසේද? යනුවෙනි. මෙයින් ඇතැම් අය වයස 35-45 අතර අයය. 

 

 

මෙතෙක් විවාහය පමාවීමට හේතු විමසනුයේ කිහිප දෙනෙක් පමණි. ඔබත් විවාහය පමාවන අයෙක් නම් ඔබේ කේන්දරය ගෙන ඔබම පරීක්‍ෂාකර බලන්න. ඔබ උපන් ලග්නය කුමක් වුවත්, කුමන භාවයක හෝ කුජ ශනි යෝගය ඇත්නම් එය විවාහය පමාවීමට එක් හේතුවකි. 

 

 

කුජගෙන් හතේ ශනී සිටීම ද තවත් හේතුවකි. විසිදෙවැනි දෙර්කාණාධිපතියා හතේ සිටීමත්, හත අධිපතියා විසි දෙවැනි දෙර්කාණාධිපතියා වීමත් ගුරු හෝ සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපති වීමත් විවාහය සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති කිරීමට හේතූන් වේ. 

 

 

මෙම විවාහ ප්‍රමාද වීමට ජ්‍යොතිෂානුකූලව ද යෙදිය හැකි පිළියම් නැත්තේ නොවේ. මෙවැනි පසු ලිපියකදී ඒවා විග්‍රහ කර බලා පෙන්වාදීම කළ හැකි වේ.
 

 

ජේ. ඒ. ඇස්. සහන් ජයකොඩි,
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/076011960.

views

289 Views

Comments

arrow-up