අද දවස ඔබට කොහොමද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

 


අද දිනයේදී ඔබ කරන සෑම කටයුත්තක්ම අලංකාරව, පිළිවෙලට සිදු කිරීමට අමතක කරන්නට එපා. පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට තමන්ගේ කටයුතු වල නියැලීමෙන් හානිදායක ප්‍රතිඵල උදා වීමට ඉඩකඩ පවතිනවා. සැලකිලිමත්ව, සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම යහපත්.

 

 


වෘෂභ ලග්නය

 


කරන කියන සෑම කටයුත්තකදීම සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. පියපස ඥාතීන්ට වඩා මවුපස ඥාතින් බලවත් වන කාලයකි උදා වී පවතින්නේ. කටයුතු සම්පාදනය කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී වීම වැදගත්. තරමක් මත ගැටුම්කාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවතිනවා.

 

 

මිථුන ලග්නය

 


අද දිනයේදී ඔබට යම්කිසි බාධාකාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවතිනවා. තමා මුල්කරගෙන කරනු ලබන කටයුත්තක් නිවසේ සිදු වනු ඇත. යම් ආකාරයට ඔබගේ මුදල් පසුම්බියට අශුභයි. අලුත් වෘත්තීන් වල නිරත වීමට බලාපොරොත්තු වන උදවියට ඉතාමත්ම යහපත්.

 

 


කටක ලග්නය

 


තරඟ විභාග කටයුතු වල නිරත වන උදවියට ඉතාමත්ම යහපත් කාලයකි උදා වී පවතින්නේ. ඔබ අද දිනයේදී ජයග්‍රාහි ලීලාවෙන් සෑම ක්ෂේත්‍රයකම කටයුතු කරනු ඇත. ආහාර ගැනීමේ රටාවේ යම් කිසි වෙනසක් සිදු වීමට හැකියාවක් පවතිනවා.

 

 


සිංහ ලග්නය

 


අද දිනයේදී තමන්ගේ මුරණ්ඩු ගති ස්වභාවයේ වැඩි වීමක් ඔබට දක්නට ලැබේවි. එමෙන්ම තමන්ගේ නම වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන්නට ඔබට හැකියාව ලැබේවි. බොහෝ පිරිස් වල ගෞරවයට පාත්‍ර වන ආකාරයෙන් කටයුතු කරන්නට හැකියාව ලැබේවි.

 

 


කන්‍යා ලග්නය

 


අද දිනයේදී ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුයි. එමෙන්ම ඔබ අද දිනයේදී කාර්යබහුල වන ආකාරයක්ද පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව වැඩි වශයෙන් කල්පනාකාරී වුවහොත් ඔබට පුළුවන් අද දිනයේදී ඉතාමත්ම යහපත් ලෙස කාලය ගත කරන්නට. සැලසුම්සහගත වන්න.

 

 


තුලා ලග්නය

 


මවු පස ඥාතින් සඳහා ඔබගේ කාලය සහ ශ්‍රමය මිඩංගු කරවීමට සිදු වන ආකාරයක් ඔබට අද දිනයේදී දක්නට ලැඛෙනවා. රැකි රක්ෂා කටයුතු වලදී වැඩි මානසික සහනයක් බලාපොරොත්තු වන්නට හැකියාව පවතිනවා. මානසිකව තෘප්තිමත් දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියි.

 

 


වෘශ්චික ලග්නය

 


අද දිනයේදී වෙනදාට වඩා ඔබේ සිත උණුවන ආකාරයක් අද දිනයේදී දක්නට ලැඛෙනවා. ඒ නිසා ඔබ ඔබගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලට මැදිහත් වන ආකාරයක් දක්නට ලැඛෙනවා. ඒ නිසා අද දිනයේදී ඔබගෙන් ඔබට වඩා අන් අයට ජයග්‍රහණ ලඟා වේවි.

 

 


ධනු ලග්නය

 


ඔබට ලග්න ඒරාෂ්ඨක තත්වයක් උදා කර පවතිනවා. නමුත් අද දිනයේදී ඔබ සෑම පුද්ගලයෙකු සමගම ප්‍රිය වචන කතා කරන්නට උත්සාහ කරන ආකාරයක් දක්නට ලැඛෙනවා. වචන භාවිතා කරන වෘත්තීන් වල නිරත ව සිටින උදවියට ඉතාමත්ම යහපත්. අලංකරණය වෙනුවෙන් වියදම් ඇති කරයි.

 

 


මකර ලග්නය

 


අද දිනයේදී ඔබ බොහෝ කටයුතු වලින් දුරස් වෙලා මානසික සහනය උදා කරගැනීමට උනන්දු වන බව කිව යුතුයි. ඔබට අද කොන්ද ආශ්‍රිත ආබාධතා ඇති වීමට හැකියාවක් ද පවතිනවා. විශාල ආයෝජන කටයුතු වලට අද දිනය ඉතාමත්ම ශුභ බව ඔබට මතක් කල යුතුයි.

 

 


කුම්භ ලග්නය

 


අද දිනයේදී ඔබට යම්කිසි මානසික ව්‍යාකුලතාවයන්, පීඩාවන් ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. අන්‍යන්ට වඩා වෙනස් වෘත්තීන් වල නිරතව සිටින අයට යම් ආකාරයකට යහපත් දවසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සුළු සතුරු කරදර, චිත්ත පිඩා ඇති වන්නට හැකියාව පවතිනවා.

 

 


මීන ලග්නය

 


අද දිනයේදී ඔබට ආර්ථික ශක්තිය පහසුවෙන් දියුණු කරගන්නට හැකියාව ලැබේවි. සියුම් ඥාන ශක්තිය නිසාම අද දවසේ ඇති වන්නට පුළුවන් ගැටලුකාරී තත්වයන් මගහැරවාගැනීමට හැකියාව ලැඛෙනු ඇත. මවු පස ඥාතීන්ගෙන් පවා වාසි සහගත තත්වයන් උදා කරගැනීමට හැකියාව ලැබේවි.

views

290 Views

Comments

arrow-up