රජුන් පවා අසරණ කළ බඩේ අමාරුව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

රජුන් පවා අසරණ කළ බඩේ අමාරුව

රජුන් පවා අසරණ කළ බඩේ අමාරුව

ඉංග්‍රීසි රජවරුන් අතරින් ‘මහා’ හෙවත් ‘ශ්‍රේෂ්ට’ යන යෙදුම නිතර ම භාවිත වන්නේ ඇල්ෆ්‍රඩ් රජු වෙනුවෙන් පමණි. ඔහු ක්‍රිස්තු වර්ෂ 871 සිට 886 දක්වා ‘වෙසෙක්ස් රාජධානියෙහි’ රජු වශයෙන් කටයුතු කළේය.


ඔහු රාජ්‍යය දැරූ සමය පුරාවට ම ඉතා දරුණු සහ වේදනාකාරී උදරගත රෝගයකින් පෙළුණි. සමහර අවස්ථාවල ඔහුට සිය සයනයෙන් නැඟී සිටීමේ හැකියාවක් පවා තිබුණේ නැත.


මෑතක් වන තුරු මෙම රජු මුහුණපා සිටි තත්ත්වය සැලකුණේ අන්ත්‍රගත ක්ෂය රෝගී තත්ත්වයක් හෝ මහාන්ත්‍රයේ පිළිකා තත්ත්වයක් ලෙස යි. කෙසේ නමුත් මෑතක දී සිදු කළ අධ්‍යයනයකට අනුව ඔහු බොහෝ විට ‘ක්‍රෝන් ඩිසීස්’ නම් රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින්නට ඇති බැව් අනුමාන කෙරේ. එහි දී නිතර ම පාහේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මහාන්ත්‍රයේ පහළ කොටස්වලට පහර දීම සිදු කරයි.


මේ නිසා මෙම රෝගයෙන් පෙළෙන්නන්ට, රෝගය උත්සන්න වූ විට එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට පවා නොහැකි වන අතර, අතීසාර තත්වයන්ගෙන් ද පෙළෙන්නට පටන් ගනී. මේ රෝගයට ප්‍රතිකාර නොලදහොත් ඉතා දරුණු වේදනා සහ මරණය පවා ඇති විය හැකි යි.


එවක ජීවත් වූ ඇන්ග්ලෝ සැක්සන්වරුන් කිසිවකුට ක්‍රෝන් රෝගය පිළිබඳ ව සුළු හෝ අදහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ නොහැක. මේ නිසා මෙම පුරාවෘත්තයක් බඳු ඇන්ග්ලෝ සැක්සන් රජුට වසර විස්සක් තිස්සේ මේ වේදනාව ඉවසා ගෙන සිටින්නට සිදුවිය. අවසානයේ ඒ නිසා ම දුර්වල වන්නට ඇත.


වර්තමානයේ මෙම රෝගය, ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ මඟින් පහසුවෙන් මැඬ පවත්වාගන්නට හැකි අතර, අවශ්‍ය වූ විටෙක ශල්‍යකර්ම ද සිදු කළ හැක.

views

283 Views

Comments

arrow-up