සුප්‍රසිද්ධ හැරී පෝටර්ට හොඳම නලුවාට හිමි සම්මානයක් - සම්මාන වේදිකාවේදී ඔහු කලදේ මෙන්න (PHOTOS)

'Harry Potter' චිත්‍රපට මාලාව නිසා වඩාත් ජනප්‍රිය වුණු Daniel Radcliffe හෙවත් කවුරු අතරත් ප්‍රසිද්ධ හැරී පෝටර් ඊයේ (ජුනි 16) ටෝනි සම්මානයෙන් (Tony Award) පිදුම් ලැබුවා.
ඒ සිය පළමු 'ටෝනි සම්මානය' සනිටුවහන් කරමින්.
ඔහු එලෙස සම්මානනීය වූයේ, 'Merrily We Roll Along' හි චාලි ක්‍රිංගාස් ලෙස ඔහුගේ ඇදහිය නොහැකි රංගනය වෙනුවෙන් 'සංගීතමය චිත්‍රපටයක හොඳම නළුවා' ලෙසයි. සම්මාන උළෙලේදී ඊට තවත් සම්මාන තුනක් හිමි වූ බව සඳහන්.
සිය වෘත්තීය ජීවිතය තුළ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් කෙතරම් චරිත නිරූපණය කර තිබුණ ද අදටත් ඔහු වඩාත් ජනප්‍රිය 'හැරී පෝටර්' ලෙසින් බව අවිවාදාත්මකය.
සම්මානය අතැතිව, ඩැනියෙල් විසින් කළ හැඟීම්බර කතාව කාගෙත් සිත්ගත් එකක් වුණා.
එහිදී තම පියාට සුබ පියවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කිරීමටත්, පෙම්වතිය වන එරින් ඩාර්කේට ස්තූතිවන්ත වීමටත් ඔහු එය අවස්ථාවක් කරගෙන තිබුණා.
එමෙන්ම ගෙවුණු වසරේදී ඩැනියෙල් - එරින් යුවළ විසින් පිළිගත් අවුරුද්දක් වයසැති පුතුවද ඔහු එහිදී සිහිපත් කිරීම කාගෙත් සිත්ගත් කාරණයකි.
"මගේ අම්මයි තාත්තයි මෙතන කොහේ හරි ඉන්නවා.
සුභ පියවරුන්ගේ දිනයක්, තාත්තේ.
මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි. කාර් එකේ Sondheim ප්ලේ කළාට ස්තූතියි.
"ඒ වගේම මගේ ආදරණීය එරින්,
ඔබ සහ අපේ පුතා මට මෙතෙක් හමු වූ හොඳම දෙයයි.
මම ඔබට ගොඩක් ආදරෙයි, බොහෝම ස්තූතියි. හැමෝටම ස්තූතියි..."
1635 Views
Comments