පෙමට එරෙහිවූණැයි මවට පහර දී දෙවනි වරටත් පෙම්වතෙක් සමඟ පැනගිය බාලවයස්කාරිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

පෙමට එරෙහිවූණැයි මවට පහර දී දෙවනි වරටත් පෙම්වතෙක් සමඟ පැනගිය බාලවයස්කාරිය

පෙමට එරෙහිවූණැයි මවට පහර දී දෙවනි වරටත් පෙම්වතෙක් සමඟ පැනගිය බාලවයස්කාරිය

තම බාල වයස්කාර දරු දැරියන්ට සිය මවුවරුන් සහ පියවරුන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධීන් පිළිබඳව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මීට පෙර වාර්තා වූ නමුත් බාල වයස්කාර දියණියක් විසින් සිය මවට පහර දීමේ සිද්ධියක් වේයන්ගොඩින් වාර්තා වේ.

 

දියණිය විසින් තමාට පහර දී පෙම්වතා සමග පැන ගිය බවට වේයන්ගොඩ පොලිසියට මව විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.

 

වේයන්ගොඩ නාරංවත්තේ ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් විසින් සිය ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වීම මුල් කර ගනිමින් ඇගේ මවට පහර දී පෙම්වතා සමඟ පැනගොස් ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වේ.

 

අදාළ දැරිය මීට පෙර අවස්ථාවකදී ද පෙම්වතෙකු සමග පැන ගොස් දින කිහිපයකට පසුව නැවතත් සිය නිවසට පැමිණ ඇති බව ද වාර්තා වේ.

 

15 හැවිරිදි මෙම බාලවයස්කාර දැරිය මේ වන විට පාසල් ගමන අත්හැර මාස කිහිපයක් ගත වී ඇති බවත් දැරිය පාසල් නොයාම පිළිබදව සහ මේ වන විට දැරිය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බැහැරව පදිංචි වී සිටින බවත් ඒ පිළිබඳව වාර්තාවක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි ළමාරක්ෂණ අංශය විසින් ළමා රක්ෂණ අධිකාරිය වෙත යවා ඇති බව ද අප කළ විමසීමකදී එහි නිලධාරිනියක් පැවසුවාය.

 

මෙම බාල වයස්කාර දැරියගේ පියා ද සොරකම් කිරීම් සහ මත්ද්‍රව්‍ය චෝදනා මත මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලිසිය පවසයි.

views

253 Views

Comments

arrow-up