ත්‍රාසජනක රූගත කිරීමක් අතරතුර ඉන්දීය සුපිරි නලු අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ත්‍රාසජනක රූගත කිරීමක් අතරතුර ඉන්දීය සුපිරි නලු අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි

ත්‍රාසජනක රූගත කිරීමක් අතරතුර ඉන්දීය සුපිරි නලු අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු ඉළ ඇටයේ මාංශ පේශි ඉරීමකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

 

80 හැවිරිදි අමිතාබ් මෙම අනතුරට ලක්වන්නේ  ‘ප්‍රොජෙක්ට් කේ .‘ නමැති චිත්‍රපටයකට රගපාද්දීය.

 


ඔහු ක්‍රියාදාම රූගත කිරීමක් සිදුකර ඇති අතර රූගත කරන අතරතුර ඔහුගේ ඉළ ඇටයේ කාටිලේජය "පිපිරී" ඔහුට තුවාල සිදුවූ බව ඔහු විසින්ම ලියන බ්ලොග් සටහනකින් අනාවරණය කර තිබේ.

 


ඔහු හයිද්‍රාබාද් AIG රෝහලේදී  මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති අතර සීටී ස්කෑන් පරීක්ෂණයකටද පෙනී සිටියේය. දැන් මුම්බායි හි ඔහුගේ නිවස වන ජල්සා හි විවෙක සුවයෙන් සිටිමින් ප්‍රතිකාර ලබයි.
 ඔහුගේ බ්ලොග් අඩවියේ  ඔහු සටහන් කර ඇත්තේ තමන්ට තුවාලය වේදනාකාරී බවත් චලනය කිරීම් අපහසුවී ඇති බවත්ය.

 

එසේම හුස්මගැනීමේ අපහසුතාද ඇතිව තිබෙන බව ඔහු කියා තිබේ.

 

සාමාන්්‍ය තත්වයට පත්වීමට  සති කිහිපයක් ගතවනු ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇතැයිද ඔහු ලියා තිබේ.



"ඉතින් කරන්න තිබුනු වැඩ ඔක්කොම නවත්තලා, අවලංගු කරලා දැම්මා, සුව වෙනකම් කල් දැම්මා", අමිතාබ් බච්චන් ලියා තිබේ.



අමිතාබ්ට අමතරව ප්‍රොජෙක්ට් කේ චිත්‍රපටයෙහි ප්‍රභාස්, දීපිකා පදුකෝන් සහ දිෂා පතානි ද රඟපාති. බහු භාෂා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 12 වන දින සිනමාහල්වල නිකුත් කිරීමට නියමිතය. 

views

197 Views

Comments

arrow-up