බිරිඳට වෙඩි තබා ඝාතනය කල සැමියා තමාගේ හිසට වෙඩි තබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

බිරිඳට වෙඩි තබා ඝාතනය කල සැමියා තමාගේ හිසට වෙඩි තබා ගනී

බිරිඳට වෙඩි තබා ඝාතනය කල සැමියා තමාගේ හිසට වෙඩි තබා ගනී

සැමියෙකු තම බිරිඳව ඝාතනය කර ඔහුද නිවස තුළ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.


මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇන්ටන්දාස් (32) නාදන් රීටා (32) නමැති අඹුසැමි යුවළක් බවත්, මීට මාස 08 පමණ ප්‍රථම දෙදෙනා විවාහ වී ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 


නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි මියගිය අඹුසැමි යුවළ සැමියාගේ මව සමග නිවසේ පදිංචිව සිටි බවත්, ඉකුත් 07 දා රාත්‍රී 10.30 ට පමණ තම පුතා ලේලියට වෙඩි තැබීමත් සමග අසල්වාසීන්ගේ උදව් ඉල්ලා මව නිවසින් පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ සිය පුතාද හිසට වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් ව සිටි බව මියගිය ඇන්ටන්දාස්ගේ මව විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත.


මෙරට නිෂ්පාදනය කරන ලද බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, මියගිය ඇන්ටන්දාස් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කළ පුද්ගලයකු බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියා සිටී.

views

770 Views

Comments

arrow-up