අම්බලන්තොටම භීතියට පත්කරමින් මැර පිරිසක් කලදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

අම්බලන්තොටම භීතියට පත්කරමින් මැර පිරිසක් කලදේ මෙන්න

අම්බලන්තොටම භීතියට පත්කරමින් මැර පිරිසක් කලදේ මෙන්න

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් අම්බලන්තොට සිට කොග්ගල්ල දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් නවතා එහි සිටි කාන්තාවකට ඊයේ (07) සවස වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

 

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට, කොග්ගල්ල, කඩවර පදිංචි එන්. ඒ. එච්. ලසන්තා රෝහිණී නමැති 48 හැවිරිදි තිදරු මවකි.

 

අම්බලන්තොට සිට කොග්ගල්ල දක්වා බස් රථය මගීන් රැගෙන ගමන් කරමින් සිටියදී අම්බලන්තොට මදයමලලන්ද ප්‍රදේශයේදී බස් රථයේ පිටුපසින් පැමිණ ඇති යතුරු පැදියක් බස් රථය හරස් කර නවතා යතුරුපැදියේ පසුපසින් පැමිණි පුද්ගලයා බස් රථයට ගොඩ වී එහි සිටි මෙම කාන්තාවට වෙඩි තබා පලාගොස් තිබේ.

 

අදාළ කාන්තාවගේ දකුණු උරහිස ප්‍රදේශයට වෙඩි වැදීම සිදුව තිබූ අතර ඉන් තුවාල ලැබූ කාන්තාව බැරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව මීට මාස එක හමාරකට පමණ පෙරදී අම්බලන්තොට දකුණු කඩවර ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවකුගේ මව වන අතර එම මිනී මැරුමට අදාළ නඩුව ඊයේ (07) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැතී තිබේ.

 

ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාව ද සිය පුතාගේ නඩු කටයුත්ත සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් බස් රථයෙන් යළි නිවස බලා යමින් සිටින අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

views

352 Views

Comments

arrow-up