නින්ජා වෙසින් නිවසට ආ කොල්ලකරු සමඟ නිවැසියන් පොර බදා කොල්ලකරුගේ වෙස් මුහුණ ගැලවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

නින්ජා වෙසින් නිවසට ආ කොල්ලකරු සමඟ නිවැසියන් පොර බදා කොල්ලකරුගේ වෙස් මුහුණ ගැලවූ හැටි

නින්ජා වෙසින් නිවසට ආ කොල්ලකරු සමඟ නිවැසියන් පොර බදා කොල්ලකරුගේ වෙස් මුහුණ ගැලවූ හැටි

නින්ජා වෙසින් නිවෙසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු තියුණු ආයුධයක් පෙන්වා, නිවැසියන් බියගන්වා, පහරදී, පලා යාමට තැත් කිරීමේදී අල්ලාගෙන, ඔහු අත තිබූ තියුණු ආයුධය ගැනීමට පොරබැදීමේදී බරපතළ තුවාල ලැබූ කොල්ලකරු හෝමාගම මූලික රෝහලට ඉකුත් (4 වැනිදා) ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. පහරකෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.මෙම සිදුවීම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක නිලධාරියකුට අයත් හෝමාගම පිටිපන ගුණවර්ධන මාවතේ නිවෙසක ඉකුත් (4 වැනිදා) අලුයම සිදුව තිබූ අතර, නින්ජා වෙස් ගත් සැකකරු මන්නයක් අතැතිව මෙම නිවෙස කොල්ලකෑමට පැමිණ තිබේ.

 


එම අවස්ථාවේදී ඒ බව දුටු නිවෙස් හිමියා ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහුට මන්නයකින් කෙටීමට සැකකරු උත්සාහ කර තිබෙන බව පොලීසිය කියයි.



ඔහු සමග පොරබදන අවස්ථාවේදී එම ස්ථානයට නිවෙස් හිමියාගේ බිරිය හා අවුරුදු දෙකක් වයසැති දියණියක ද පැමිණීමත් සමග ඔවුන් දෙදෙනාට ද කොල්ලකරු මරණීය තර්ජනය කොට, පහරදී තිබෙන බව පොලීසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. බිරිය කොල්ලකරු අල්ලාගෙන ඔහු සමග පොරබදන අවස්ථාවේදී නිවෙස් හිමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ලකරු අත තිබූ මන්නය උදුරා ගැනීමට පොරබදා, බිරිය බේරාගෙන ඇති බව පොලීසිය කියයි.

 


පහරකෑමෙන් කොල්ලකරුගේ දෑතට, පාදවලට හා පිටට කැපුම් තුවාල සිදු වීම නිසා ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.සිද්ධියෙන් නිවෙසේ අඹු සැමි යුවළට ද සුළු තුවාල සිදුව තිබේ.



සිද්ධිය වන අවස්ථාවේදී නිවෙසේ ඉහළ මහලේ අඹුසැමි යුවළ හා නිවුන් දරු දෙදෙනා ද, පහළ මහලේ බිරියගේ මව සහ තවත් දෙදෙනකු ද නිදා සිට ඇති අතර, කොල්ලකරු ඉහළ මහලට ගොස් ඇත්තේ, පඩිපෙළ අසල තිබූ දොර වසාගෙන බව පොලීසිය කියයි. පසුව සිද්ධිය වූ ස්ථානයට පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මන්නයක් අතැතිව, නින්ජා වෙසින් නිවෙසට ඇතුළු වී තිබුණේ, එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු බව අනාවරණය වී තිබේ. සැකකරු රැගෙන ආ මන්නය පොලිස් භාරයට ගෙන, තුවාලකරු හෝමාගම රෝහලට ඇතුළත් කොට ඇති අතර, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. මේ හේතුවෙන් කොල්ලකරුට නිවෙසේ කිසිවක් සොරා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය කියයි.

views

561 Views

Comments

arrow-up