සියල්ලන් භීතියට පත්කරමින් මගී බස් රථයකින් විශාල නාගයෙක් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

සියල්ලන් භීතියට පත්කරමින් මගී බස් රථයකින් විශාල නාගයෙක් මතුවෙයි

සියල්ලන් භීතියට පත්කරමින් මගී බස් රථයකින් විශාල නාගයෙක් මතුවෙයි

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.


මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නොමැති බවයි පැවසෙන්නේ.

 

අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබේ.


ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර තිබෙන බවයි පැවසෙන්නේ.


නමුත්” නාගයෙක් සමඟ බසය මහමඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කරන්නට නියමිතව ඇති බව වාර්තාවේ.

views

569 Views

Comments

arrow-up