“දක්වන ලද සහයෝගයට ස්තූතියි” - මියගිය ක්ලබ් වසන්ත සිහිකර ඔහුගේ පොඩි පුත් එතෙරදී දුන් දානය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

“දක්වන ලද සහයෝගයට ස්තූතියි” - මියගිය ක්ලබ් වසන්ත සිහිකර ඔහුගේ පොඩි පුත් එතෙරදී දුන් දානය

“දක්වන ලද සහයෝගයට ස්තූතියි” - මියගිය ක්ලබ් වසන්ත සිහිකර ඔහුගේ පොඩි පුත් එතෙරදී දුන් දානය

ගෙවුණු සතියේ වඩාත් කතාබහට ලක්වුණු ඛේදනීය මාතෘකාවකි, ''ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම''

 

ඔහු එලෙස අවසන් ගමන් ගියද, තවමත් එම සිදුවීම අලලා අහන්න දකින්න ලැබෙන පුවත් නම් එමටයි.

 

ඒ අතර මියගිය ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සිහිකර ඔහුගේ පවුලේ පිරිස් දානමය පිංකම් කිහිපයක් ම සිදුකර තිබුණා.

 

 

ඒ අනුව, ඔහුගේ පොඩි පුතා විසින් සත් දින දානමය කටයුතු සිදුකර තිබුණේ විදේශයක සිට.

 

''පොඩි පුතා නෑදෑ හිතමිතුරන් සමඟ විදේශ රටක පන්සලක සත් දින දානේ පිලිගන්වන ලදි.

පවුලේ අය, මිතුරන් සහ පණිවිඩ එවූ හා ශෝකය ප්‍රකාශ කිරීමට ඔහුට සවියක් වි ඇමතූ සියලු දෙනාට දක්වන ලද ආදරය සහ සහයෝගය වෙනුවෙන් ඔහුගේ කෘතඥතාව පල කර සිටියි. බුදුසරණයි''

 

 

ඒ වගේම ගෙවුණු ශෝකී කාලය තුළ තමන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ සියලුමදෙනාටත් ස්තුතිවන්ත වීමට සුරේන්ද්‍ර වසන්තගේ පවුලේ උදවිය මෙයාකාරයෙන් කටයුතු කර තිබුණා.

 

''අපගේ ආදරණීය පියාණන්ගේ වියෝව ගැන ශෝක වන අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කළ ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් සහ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

අපගේ ආදරනිය පියාණන්ගේ අවමංගල්‍යයට වූ ඔබගේ සහභාගිත්වය මෙන්ම අපට පුද්ගලිකව, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා එවන ලද සියලුම ශෝක පණිවිඩද අපි ඉතා අගය කරමු.

ඔබගේ කාරුණිකත්වයද අප හා එක්ව ශෝකය බෙදා ගැනීම පිලිබදවද අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම කාලය තුළ අප පවුලට දක්වන ලද සහයෝගය අගය කර සිටිමු.''

 

 

 

 

views

502 Views

Comments

arrow-up