ඉන්දියානු සම්මාන උළෙලේදී මතීෂ පතිරණට සම්මානය දුන් සුරූපිණිය කවුද? (PHOTOS)

මතීෂ පතිරණ පසුගියදා ඉන්දියාවේදී Behindwoods සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා.
එහි දී මතීෂ එම සම්මානය ලබා ගත්තේ ඉන්දියාවේ ජනප්‍රිය සිනමා නිළියක් අතින්.
ඇය නමින් ශ්‍රී ලීලා.
තවමත් 23 වැනි වියේ පසුවන ඇය දකුණු ඉන්දීය සිනමාවට නැතිවම බැරි සිනමා නිළියක බවට පත්ව තිබෙනවා.
ළමා නිළියක ලෙස සිනමාවට පැමිණි ඇය මේ වන විට තෙළිඟු , කන්නඩ සහ හින්දි සිනමා නිර්මාණ රාශියකටම සම්බන්ධ වී තිබෙනවා.
එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ තෙළිඟු දෙමාපියන් හට දාව උපත ලැබූ ඇය වෛද්‍යවරියක වීම සඳහා ඉගෙනු ලබන වෛද්‍ය ශිෂ්‍යාවක්ද වෙනවා.
මේ අතරම ඇය 2022 වසරේදී අබාධිත ළමුන් දෙදෙනෙකුහට මවක වී තිබුණ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2024 දී, ශ්‍රීලීලා මහේෂ් බාබු සමඟ Guntur Kaaram චිත්‍රපටයේ රංගනයෙන් එකතු වූ අතරම ඇයට එම සිනමාපටයෙන් ඉතා විශාල රසික ප්‍රසාදයක් ද හිමිවුණා.
2657 Views
Comments