බෙරිල් නිසා බලපෑමට ලක්වූවන්ට කේට් සහ විලියම්ගෙන් අරමුදල් - රජු ශෝක පණිවුඩයකුත් නිවේදනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

බෙරිල් නිසා බලපෑමට ලක්වූවන්ට කේට් සහ විලියම්ගෙන් අරමුදල් - රජු ශෝක පණිවුඩයකුත් නිවේදනය කරයි

බෙරිල් නිසා බලපෑමට ලක්වූවන්ට කේට් සහ විලියම්ගෙන් අරමුදල් - රජු ශෝක පණිවුඩයකුත් නිවේදනය කරයි

කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරු විසින් බෙරිල් සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට උපකාර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

ඒ, කුණාටුවෙන් බලපෑමට ලක් වූ කැරිබියානු ජනතාවට පුද්ගලිකව අරමුදල් පරිත්‍යාග කරමින්.

 

බෙරිල් සුළි කුණාටුවෙන් ජැමෙයිකාවට සහ කේමන් දූපත්වලට හානි සිදු වුණා.

 

සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් දහයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වූයේ.

 

එයාකාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරමින් රජු විසින් ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා.

views

239 Views

Comments

arrow-up