දින 12ක් පවුල් කෑ බිරිය, වෙස්වලාගත් පිරිමියෙක් බව ඔප්පු වෙලා - අවසානයේ වූදේ මෙන්න

විවාහයෙන් දින 12කට පසු තමා විවාහ වී ඇත්තේ පිරිමියෙක් සමඟ ම බව දැනගත් 26 හැවිරිදි ඉන්දුනීසියානු තරුණයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවන්ට අනුව තරුණියක ලෙස රඟපෑ ''Adinda Kanza'' සහ AK (අන්වර්ථ නාමයයෙන් හඳුන්වයි) නම් මෙම යුවළ දැන හඳුනාගෙන ඇත්තේ, 2023 වසරේදී සමාජ මාධ්‍ය වේදිකාවකිනි.
එලෙස හඳුනාගත් ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවීටද තීරණය කර තිබෙනවා.
එම හමුවේදීත් ඊට පසු සෑම හමුවකදීම අදාළ තරුණිය සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමින් සැරසී සිට ඇති බව සඳහන්.
එලෙස ඇය පසුවන්නේ සිය ආගමට දක්වන ගෞරවය නිසා බව උපකල්පනය කළ තරුණයා කිසිවිටෙක ඈ ගැන සැක නොකළ බවයි පැවසෙන්නේ.
කාලයාගේ ඇවෑමෙන් ප්‍රේමය විවාහයක් දක්වා දුරදිග ගොස් ඇති අතර විවාහ මංගල්‍යයට සහභාගී වීමට තමාට පවුලක් නොමැති බවයි අදාළ තරුණිය සිය ප්‍රේමවන්තයාට පවසා ඇත්තේ.
ඒ පිළිබඳව ද කරදර නොවූ තරුණයා සරල උත්සවයකින් විවාහ වීමට තීරණය කළ බව සඳහන්.
කෙසේ නමුත් විවාහයෙන් පසුවත් තරුණිය ජීවත්ව ඇත්තේ සිය සැමියාගෙන් මුහුණ වසන් කරගෙනයි.
එමෙන්ම ඇය ඔහුගේ පවුලේ උදවිය සහ මිතුරන් ද ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කරැති බව සඳහන්.
තවද, ඈ සැමියා සමඟ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමා ඔසප් වී ඇති බව සඳහන් කරමිනි.
මෙයාකාර නිදහසට කරුණු පවසමින් ගුප්ත ජීවිතයක් ගත කළ බිරිඳ පිළිබඳව පැහැදිලි සැකයක් මතුවීමෙන් පසුවයි අදාළ තරුණයා බිරිය පිළිබඳ වැඩි විස්තර සෙවීමට තීරණයකට එළඹෙන්නේ.
එහිදී ඔහු අනාවරණය කරගෙන තිබුණේ තම බිරිඳ අනාථ දරුවෙකු නොවන බවත් ඇගේ දෙමාපියන් තවම ජීවතුන් අතර සිටින බවත් ය.
එමෙන්ම 2020 වසරේ සිට මෙලෙස වෙස්වලාගත් ජීවිතයක් ගත කරන්නේ ''ESH'' නැමති සැබෑම පිරිමියෙක් වන බවයි හඳුනාගෙන තිබෙන්නේ.
සියල්ල හෙළි වීමෙන් පසු පොලිස් පරීක්ෂණවලදී තරුණියක ලෙස වෙස්වලාගෙන සිටි අදාළ තරුණයා විසින්, මෙම රඟපෑමට හේතුව ''AK'' නම් අයගේ (සැමියාගේ) වත්කම් සොරාගැනීම උදෙසා කළ බව ප්‍රකාශ කරැති බව සඳහන්.
''ESH'' නම් තරුණයාගේ වේශ නිරූපණය පොලීසිය පවා මවිත කර ඇති සෙයකි. මන්ද ඔවුන් විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, ඔහුගේ කටහඬ සැබවින්ම කාන්තා කටහඬකට සමාන වන බවයි.
එමෙන්ම වෙස්වලාගත් පසු ඔහු, තරුණියක මිස තරුණයෙක් ලෙස නොහැඟෙන බවයි.
කෙසේ නමුත් වංචා සහගත ලෙස කළ මෙම ක්‍රියාව ''ESH'' නම් අයව එරට නීති යටතේ වසර හතරක් දක්වා සිරදඬුවම් නියම කිරීමට තරම් බරපතල කාරණයක් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
533 Views
Comments