අභිෂේක් - ඓශ්වර්යා යුවලගේ දික්කසාද කටකතාව සැබෑවක් වෙන ලකුණු? - අමිතාබ්ගෙන් නිම්රත්ට ලිපියක් සමඟ මල් කළඹක්

අභිෂේක් - ඓශ්වර්යා යුවළගෙ වෙන්වීම ගැන පැතිරෙන කටකතා දවස ගාණෙ අලුත් වෙනවා. අලුත් වෙනවා මිස, ඊට නිල තහවුරු කිරීමක් නම් තවම නෑ.
බොලිවුඩයට විතරක්ම සීමා නොවුණු අභිෂේක් - ඓශ්වර්යා යුවළගෙ වෙන්වීම ගැන පැතිරෙන කතාවේ, අලුතින්ම ඇහෙන ආරංචිය තමයි 'අමිතාබ් බච්චන්, නිම්රත් කෞර්ට සිය අත් අකුරින්ම ලියන ලද ලිපියක් යවලා' කියන ආරංචිය.
'නිම්රත් කෞර් එක්ක, අභිෂේක් බච්චන්ගෙ සම්බන්ධයක් තියෙනවා' කියන කතාවට අත් තටු ලැබිලා තියෙන මොහොතක තමයි, මේ විදියට ලියුමක් ගැනත් ඇහෙන්න පටන් අරන් තියෙන්නෙ.
ඇත්තටම එහෙම ලියුමක් යවලා !!!
හැබැයි ඒ, අද ඊයෙ නම් නෙවෙයි.
අභිෂේක් බච්චන් එක්ක නිම්රත් 'Dasvi' හි කළ රංගනයට පැසසුම් කරමින්, 2022 දී අමිතාබ් යැවූ ලිපියක් ඒක.
ලිපියට අනුව අමිතාබ්, නිම්රත්ගේ රංගනය අගය කරලත් තියෙනවා. ඒත් එක්කම ඔහු ඇයට සුබපැතුම් ද එකතු කරලා.
ලිපිය පැරණි එකක් වුණත් බොහෝ දෙනා අනුමාන කරනවා, මේ වෙද්දි පැතිරෙන කතාවලට මේක හොඳ සාක්ෂියක් වග.
ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගෙන් ලැබුණු මේ සුවිශේෂීම ඇගයීම, නිම්රත් එවකට සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ බෙදාගෙනත් තිබුණා.
ඒ,
“අවුරුදු දහඅටකට පෙර,
මම මුලින්ම මුම්බායි වෙත පා තැබූ විට අමිතාබ් බච්චන් කවදා හෝ මගේ නම දැන ගනු ඇතැයි සිතුවා...'' යන්නෙන්.
ඒ විතරක් නෙවෙයි, ලිපිය එක්කම ඇයට ලැබී තිබුණු මල් කළඹ ගැනත් ඇය,
''මේ මිල කළ නොහැකි මල් කළඹේ සුවඳ මගේ ජීවිතයේ සෑම පියවරකදීම මා සමඟ පවතිනු ඇත..'' යනුවෙන් එදවස සටහනක් ද තබා තිබුණා.
271 Views
Comments