“මම ඇය ගැන ආඩම්බර වෙනවා” - රන්බීර් - ආලියා දෙන්නගෙ දෝණිට අවුරුදු දෙකක් වු දවස හැඩ වුණේ මෙහෙමයි (PHOTOS)

රන්බීර් - ආලියා දෙන්නගෙ දියණිය, රාහාට (Raha Kapoor) දැන් අවුරුදු දෙකක්.
ඊයෙ (06) තමයි පොඩ්ඩිගෙ උපන්දිනය.
දියණියගේ උපන්දිනය වෙනුවෙන් ආලියා හරි ලස්සන සුබපැතුමක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරලා තිබුණා. ඒ, ආදරණීය සේයාරුවක් එක්කම.
බොලිවුඩයේ බොහෝමයක් දෙමාපියන්, ඔවුන් තීරණය කළ පරිදි දරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඈත් කරලා තියනකොට, රන්බීර් - ආලියා දෙන්නා දැන් දැන් දියණියව නිතර මාධ්‍ය ඉස්සරහට අරන් එනවා දකින්න ලැබෙනවා.
හැබැයි ඔවුන් රාහාව එහෙම කැමරා ඉස්සරහට අරන් ආවෙත් අවුරුද්දකටත් පස්සෙ.
ඒ කාලෙ දියණියට තවම යන්තම් වයස අවුරුද්දක් පමණක් වීම නිසාවෙන් ඇයව පැපරාසීන්ගෙ අවධානයට ලක්වීමේ අවශ්‍යතාවයක් තමන්ට නැති බවකි, ආලියා කියලා තිබුණෙ.
“මම මගේ දුවව සඟවනවා වගේ පෙනෙනවාට මම කැමති නෑ. මම ඇය ගැන ආඩම්බර වෙනවා.
මේ මොහොතේ කැමරා නැත්නම්, මම ඇගේ රූපයක් තිරය මත තබමි. මම ඇයට ආදරෙයි.
අපේ දරුවා ගැන මට ආඩම්බරයි. නමුත් අපි අලුත් දෙමාපියන්.
අන්තර්ජාලය පුරා විසිරී ගිය ඇගේ මුහුණ ගැන අපට හැඟෙන්නේ කොහොමද කියලා අපි තවම දන්නෙ නෑ.
ඇයට තාම යන්තම් වයස අවුරුද්දක්...''
කොහොම නමුත් දැන් නම්, රාහා කියන්නෙ ආලියා - රන්බීර් තරමටම ජනප්‍රිය 'පුංචි තරුවක්'
රාහා කපූර්ගේ දෙවෙනි උපන්දිනය 'සෆාරි තේමාවෙන්' යුක්ත වූවක්.
සතුන්ගෙන් සහ කාටූන් චරිතවලින් පිරුණු උපන්දින සාදයේ තොරතුරු පූජා භාත් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණා.
මේ තේමාවත් හරි විශේෂයි.
මොකද රාහාගේ දෙමාපියන්, ඒ කියන්නෙ ආලියා - රන්බීර් යුවළ විදේශීය වනෝද්‍යානවල සෆාරිවලට අතිශයින් ඇලුම් කරන යුවළක්.
ආලියා මීට පෙර කෙන්යාවේ Maasai Mara ජාතික රක්ෂිතය, ඔවුන්ගේ ප්‍රියතම ස්ථානය ලෙස සඳහන් කරලා තිබුණා.
රන්බීර් ආලියාට විවාහ යෝජනාවක් කළේ ද එහිදී.
ඉතින් එවන් සුවිශේෂී මතක සැමරුම් එක්කයි පුංචි රාහාගේ දෙවන උපන්දිනය මෙලෙස හැඩවෙලා තිබුණෙ....
251 Views
Comments