රවී - ප්‍රීති යුවල යළි ආදරණීය මනාල ජෝඩුවක් වී 50 වැනි විවාහ සංවත්සරය සැමරූ හැටි (PHOTOS)

ලාංකීය සිංහල සිනමාවේ, ස්වර්ණතම යුගයේ ආදරණීය ප්‍රේමවන්තයා තමයි ඔහු.
ආදරණීය, රවී... එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර රන්දෙණිය.
එවකට ඔහුට ප්‍රේම කළ, ඔහුගේ රුවට වශී වූවන් සෑහෙන්න. අදටත් එහි වෙනසක් ඇත්තේ නෑ.
එයාකාරයෙන් කෙතරම් යුවතියන් ඔහුට ප්‍රේම කළත්, රූපයට වශී වුණත් ඔහුගේ හිත නම් නතර වුණේ ප්‍රීති සාදයක් ළඟ.
ඈ, ප්‍රවීණ සිනමා නිළියක් සහ සාහිත්‍යවේදිණියක වන ප්‍රීති රන්දෙණිය.
රවී - ප්‍රීති ආදරණීය සොඳුරු කැදැල්ලට දැන් වසර 50ක්.
ඊයේ තමයි ඒ සුවිශේෂීම දවස යෙදිලා තිබුණෙ.
විවාහයෙන් වසර 50ක් ගෙවිලත්, ආයෙමත් මනාල ජෝඩුවක් හැටියට සැරසුණාම හිත ඇදිලා යන ලස්සනක් දකින්න ලැබෙනවා කියන්නෙම වාසනාවක්.
ඉතින්, රවී - ප්‍රීති ආදරණීය යුවළගෙනුත් එවන් අපූරු සුන්දරත්වයක් මේ විදියට දකින්න ලැබුණා.
50 වන ස්වර්ණමය සංවත්සරය වෙනුවෙන්, ආදරණීයන් එක්ක ආසිරි දේව පූජාවකට මේ සොඳුරු තරු යුවළ එක්කාසුව උන්නා.
එම කටයුත්තේ ද විශේෂත්වයක් තිබුණා කිව්වොත් හරි.
මන්ද මීට වසර 50කට ඉහත දී දේව මෙහෙයෙන් මතු, අතිනත ගනිමින් විවාහපත් වූ ඔවුන් දෙදෙනා, ඉන් දශක පහකට පසුව සිය ගෞරවනීය විවාහ දිවියේ 50 වන වසර සමරනු ලැබුවේද එදා ඔවුන් ආශිර්වාද ලත් බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ ම සවස් යාමයේ පැවති දේව මෙහෙයකින්.
ඉතින්, 50 වන විවාහ සංවත්සරය සැමරූ ආදරණීය රවී - ප්‍රීති දෙපළට අපෙනුත් හදපිරි සුබපැතුම්....
183 Views
Comments